නිමල් රාජපක්ෂ –
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රග්බි ක්ෂේත්රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Asia Pacific Lions සහ එංගලන්ත ප්‍රිමියර්ෂිප් ශූරයන් වන Northampton Saints කණ්ඩායම් අතර පැවැත්වෙන 2026 ශ්‍රී ලංකා සංචාරය නිල වශයෙන් එළිදැක්වීය.
කොළඹ City of Dreams හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම තරගාවලිය දියත් කළ අතර, එයට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික්, SC Global Consultancy ආයතනයේ Asia Pacific Lions නිර්මාතෘ සාබීර් කාදර්, DASA Group UK ප්‍රධාන විධායක නකීබ් අතීක්, Pearl Isle Capital ප්‍රධාන විධායක අර්ශත් අසාර් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර රග්බි උත්සවයන්ගෙන් එකක් ලෙස සැලකෙන අතර, ආසියානු රග්බි සංගම්වල දක්ෂ ක්‍රීඩකයන් සහ පැසිෆික් දූපත් ක්‍රීඩකයන් එක් කරගත් Asia Pacific Lions කණ්ඩායම, එංගලන්තයේ ප්‍රබල Northampton Saints කණ්ඩායමට මුහුණ දෙනු ඇත.
Northampton Saints කණ්ඩායමට Henry Pollock, Fin Smith, Alex Mitchell සහ Tommy Freeman ඇතුළු පසුගිය වසරේ British & Irish Lions සංචාරයට එක් වූ ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වේ.
Asia Pacific Lions කණ්ඩායමට හිටපු ඔස්ට්‍රේලියානු නායක Will Genia, හිටපු ෆීජි නායක Waisea Nayacalevu, හිටපු ජපාන ජාත්‍යන්තර ක්‍රීඩක Jamie Henry ඇතුළු ජාත්‍යන්තර තරු ක්‍රීඩකයන් සහ වර්තමාන Super Rugby ක්‍රීඩකයන් රැසක් එක්වීමට නියමිතය.
මෙම ප්‍රධාන තරගය 2026 අගෝස්තු 28 වැනි සිකුරාදා පස්වරු 4.30ට කොළඹ රේස්කෝස් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේ රග්බි ක්‍රීඩාවට නව උත්තේජනයක් ලබාදෙන ඓතිහාසික අවස්ථාවක් වනු ඇතැයි සංවිධායකයෝ විශ්වාසය පළ කළහ.
Asia Pacific Lions සංකල්පයේ නිර්මාතෘ සාබීර් කාදර් සඳහන් කළේ, මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක කර්මාන්තයේ විශාල හැකියාවන් විවෘත කරමින්, ලෝක මට්ටමේ ක්‍රීඩා ඉසව් රටට ගෙන ඒම අරමුණ බවයි.
මෙහිදී අදහස් දැක්වු ක්‍රිඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා, රගර් ක්‍රීඩාව රට තුළ යළි ශක්තිමත් කිරීම සඳහා විනිවිදභාවයෙන් යුත් පරිපාලනයක්, තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථා ලබාදීම සහ ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි.ආසියාවේ ක්‍රීඩා හබ් එකක් කරන්න පුලුවන් අපේ රට’
තව දුරටත් අදහස් දක්වු ඇමතිවරයා ,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
