නිමල් රාජපක්ෂ-
පුර පසළොස්වක පොහොයදින මත්පැන් අලෙවිකල තිස්සමහාරාම අවන්හලට සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත ඒ මොහොතේම සීල් තැබුබව දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
පොහොය දින දිවයිනපුරා සියලුම් මත්පැන් හල් වසා තිබියදි බලපත්‍ර කොන්දේසි කඩකරමින් අදාල ආපනශාලාව විවෘත කොට මත්පැන් අලෙවි කරමින් සිටියදිි දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කොටුකර ගෙත තිබේ .
අදාල සිද්ධිය සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඒ මොහොතේම දණුවක් කිරීමෙන් පසු අදාල ආපනශාලාව වහාම සීල් තැබීමට නියෝග කොට තිබේ.
මෙසේ සීල් තැබු ආපනශාලාවෙහි බලපත්‍ර ලාභියාට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට ඇති අතර ඉදිරියේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට පෙරවැරදි සලකා බලා සමථ ගාස්තු නියම කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් , දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී.එන් .හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් , දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිල් ඒකනායක , සුරාබදු පරීක්ෂක සරත් ජයවීර , සුරාබදු මහ සැරයන් ලොකූ පිටිය, සුරාබදු කෝප්රල් 1158 ජීවන්ත, සුරාබදු කෝප්රල් 1189 ගිහාන් සහ සුරාබදු රියදුරු හරිස්චන්ද්‍ර යන නිලධාරිිහු මෙම වැටලීම සිදු කළහ.
