නිමල් රාජපක්ෂ -.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වටවල දුම්රිය ස්ථනය ආසන්නයේ පිහිටි තේවත්තක කොටසක් දුම්රිය ස්ථානය වෙත කඩා වැටීම හේතුවෙන් දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලට දැඩි හානී සිදුව ඇති අතර රාජකාරියේ නිරත දුමරිය ස්ථානාධිපතිවරයාගේ ජීවිතයද අනුනමයෙන් බේරි තිබේ.

දුම්රිය ස්ථානයට කඩා වැටුණු පස්කන්ද දෙන් දැඩි හානියක් සිදු නොවූ අතර පස් කන්දේ කොටසක් පැමිණීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ සේවයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරයාගේ දෙපා එම පස්වලට යටවී තිබුණු අතර ඔහුව එම ස්ථානයෙන් මුදාගෙන ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු කිරිමට දුම්රිය සේවකයින් දැඩි පරිශ්‍රමයක් දරා ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

මේ හේතුවෙන් වටවල දුම්රිය ස්ථනයට අයත් සංඥා පද්ධතියට හානී සිදුව ඇති අතර දුම්රිය ගොඩනැගිල්ල කඩා වැටීමේ අවධානමකට ලක්වී තිබේ. .
කොත්මලේ ජලාශයේ වාන් දෝරටු විවෘත කිරීම දැනුවත් කිරීම මත ගම්පොළ හා ගෙළිඔය දුම්රිය ස්ථාන වල සේවයේ නියතු සියලුම කාර්ය මණ්ඩලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කොට ඇත.
නාවලපිටිය දුම්රිය ස්ථානයෙන් දහවල් 1.45 ට වටවල බලා ධාවනය වන දුම්රිය මේ අවලංගු කොට ඇත.
නානුඔය හා බදුල්ල අතර සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු මේ වන විට සිදුවේ.
