Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා යුද හමුදාවේ 26වන යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

වැඩ භාරගැනීමෙන් පසු නව යුද හමුදාපතිවරයා, අග්‍රාමාත්‍යතුමිය නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙයයි.

හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍යතුමිය හමුවීමේ සම්ප්‍රදාය ඉටුකරමින් අරලියගහ මන්දිරය වෙත පැමිණි යුද හමුදාපතිවරයා, අග්‍රාමාත්‍යතුමිය සමග සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදුකළේය.

මෙහිදී යුද හමුදාපති ධුරයට පත්වූ නිලන්ත ප්‍රේමරත්න මහතාට අග්‍රාමාත්‍යතුමිය සිය සුබපැතුම්ද පිරිනැමීය.