නිමල් රාජපක්ෂ–
ලෝක ප්‍රකට සංගීත ශිල්පී මයිකල් ජැක්සන්ගේ සංගීත උරුමය සහ කලා දිවිය ඇතුළත් “This Is Michael – Relive the Legend” චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය කිරීමට Cinnamon Box Office (CBO) කටයුතු කර තිබේ.
මයිකල් ජැක්සන්ගේ සුවිශේෂී සංගීත නිර්මාණ, වේදිකා ප්‍රසංග සහ ඔහු ලෝක සංගීත ක්ෂේත්රයට කළ බලපෑම සිනමා අත්දැකීමක් ලෙස ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීම මෙම නිර්මාණයේ ප්‍රධාන අරමුණ වී ඇත.
ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ සිනමා නිර්මාණ ප්‍රදර්ශනය කිරීම සඳහා Cinnamon Box Office විසින් ගෙන යන වැඩපිළිවෙළ යටතේ මෙම චිත්‍රපටයද මෙරට ප්‍රේක්ෂකයන් වෙත හඳුන්වාදීමට කටයුතු කර තිබේ. විශේෂයෙන්ම මයිකල් ජැක්සන්ගේ සංගීතයට ආදරය කරන තරුණ පරපුර ඇතුළු විශාල ප්‍රේක්ෂක පිරිසක් මෙම චිත්‍රපටය නැරඹීමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන සඳහා Cinnamon Life සහ Cinnamon Hotels & Resorts ඇතුළු ආයතන රැසක සහයෝගය හිමිව තිබේ. එමෙන්ම Imorich, Wijeya Newspapers, Hi, Emerging Media, Scope Cinemas සහ E FM ඇතුළු ආයතනද චිත්‍රපටයේ ප්‍රචාරණ හා ප්‍රදර්ශන කටයුතු සඳහා දායකත්වය ලබාදෙයි.
Cinnamon Box Office පවසන්නේ මෙවැනි ජාත්‍යන්තර සිනමා නිර්මාණ මෙරටට ගෙන ඒම තුළින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට නවීන හා උසස් තත්ත්වයේ සිනමා අත්දැකීම් ලබාදීමට මෙන්ම මෙරට සිනමා ක්ෂේත්රය තවදුරටත් පුළුල් කිරීමට හැකිවන බවයි.
“This Is Michael – Relive the Legend” පිළිබඳ වැඩිදුර තොරතුරු www.cinnamonboxoffice.com� වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, වැඩි විස්තර සඳහා +94 71 711 8111 දුරකථන අංකය අමතන ලෙස සංවිධායකයන් දැනුම් දෙයි.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
