Spread the love

නිමල් රාජපක්ෂ-


ප්‍රධාන මෘ‍දුකාංග ඉංජිනේරු සමාගමක් වන Treinetic ආයතනය එකම මගක ගමන් කරන වෘත්තිකයන්ට සම්බන්ධ විය හැකි GetIn නම් යෙදුමක් හඳුන්වා දෙයි. නමුත් මෙම යෙදුම GetIn යනු, හුදෙක් කුලී පදනමට වාහන සොයා ගැනීමට දායකවන යෙදුමක් නොවේ. එය දිනපතා සිදු වන ගමනක් වඩාත් ඵලදායීව , ලාභදායීව හා සම්බන්ධතා ශක්තිමත් කිරීමට දායක වන සේවාවකි.


ගමන බෙදාගන්න ස්මාර්ට් විදිහක් බව Treinetic ආයතනයේ ප්‍රධාන විධායන නිලධාරී ඉමාල් පෙරේරා මහතා පවසයි.
ඉමාල් පෙරේරා මහතා එසේ පැවසුවේ Treinetic සමාගම, එකම මාර්ගයේ ගමන් කරන තොරතුරු තහවුරු කරගත් වෘත්තිකයින් සම්බන්ධ කරන, කලින් සැලසුම් කළ, ගමන් බෙදාහදා ගත හැකි ජංගම දුරකතන යෙදවුමක් වන GetIn යෙදවුම ඊයේ(16) කොළඹදි හදුන්වාදුන් අවස්ථාවේදීය.


දිනකට වෘත්තිකයෝ දහස් ගණනක් එකම මාර්ගයක ගමන් කරති. එම වාහනවල බොහෝවිට ඉතිරි ආසන හිස්ව පවතී. මෙම නවතම GetIn යෙදවුම මගින්, ඔවුන්ට එම ආසන තවත් පිරිසක් සමග බෙදාහදා ගත හැකිය. තවද, මගීන්ට ද තමන් යා යුතු ගමන්මගට සරිලන එවැනි වාහනයක් තෝරාගෙන, ගමන් වියදමට දායකත්වය ලබා දෙන අතරම, ඉතා වටිනා වෘත්තීය සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට මෙයින් අවස්ථාව උදා වේ.


2026 වසර මැද දී නිකුත් වූ Numbeo මාර්ග තදබද දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට ගෝලීය වශයෙන් තුන්වැනි ස්ථානයත්, ආසියාවේ පළමු ස්ථානයත් හිමි වී තිබේ. ඒ අනුව, ගමන්බිමන් යාම සඳහා වඩාත් සුහුරු සහ කාර්යක්ෂම ක්‍රමවේද යොදා ගැනීම දැඩි අවශ්‍යතාවක් බවට වර්තමානයේ පත්ව තිබේ.


දිනපතා සිදු කරන ගමන් බෙදාහදා ගැනීමටත්, වාහනය ඵලදායී ලෙස ධාවනය කිරීමටත්, සම්බන්ධතා මත පදනම් වූ ප්‍රවාහන පද්ධතියක් ගොඩනගා ගැනීමටත් මෙරට ජනතාවට අවස්ථාව උදාකර දෙමින් GetIn ජංගම දුරකථන යෙදවුම ගමනාගමන ක්ෂේත්‍රයට නැවුම් වෙනසක් හඳුන්වා දී තිබේ.

දැනට ධාවනයේ යෙදෙන රථවාහන සහ ඒවායේ හිස් ආසන වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීම මගින් GetIn යෙදවුම, රථවාහන තදබදය අඩු කිරීම, අනවශ්‍ය ඉන්ධන දහනය අවම කිරීම සහ පිරිසිදු සහ තිරසර වටපිටාවක් ගොඩනැගීම සඳහා දායකත්වය ලබා දෙයි.


GetIn ගමන ආරම්භ වන්නේ මේ වන විට ද සැලසුම් කළ ගමනක් සමගිනි. රියදුරු (Captain) සිය ගමන් මාර්ගය, දිනය, වේලාව සහ හිස්ව පවතින ආසන ප්‍රමාණය යෙදවුමේ සඳහන් කරන අතර, තහවුරු කළ මගීන්ට (Passenger) එම දිශාවටම ගමන් ගන්නා වාහන තිබේදැයි පරීක්ෂා කළ හැකිය. ඒ අනුව, සම්ප්‍රදායික කුලී රථ සේවාවලට වඩා, වෘත්තීය සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අවස්ථාව මෙයින් උදා වේ.


“අප සමාගම විසින් හඳුන්වා දෙන ලද GetIn ජංගම දුරකථන යෙදවුම, හිස් ආසන සඳහා සාමූහික වටිනාකමක් එක් කරනවා. රථය ධාවනය කරන තැනැත්තාට තමන්ගේ ගමන සඳහා වැයවන පිරිවැයෙන් කොටසක් ආවරණය කරගත හැකි අතර, මගීන්ට ද තමන් යා යුතු දිශාවට ගමන් කරන වාහනයක නැගී ගමන් කිරීමේ හැකියාව මෙයින් අප හිමි කර දී තිබෙනවා. කෙසේ නමුත්, මෙය පහසුවෙන් ගමන්බිමන් යාමට හිමිවන අවස්ථාවක් පමණක් නොවේ. වෘත්තිකයින් අතර සබඳතාවක් ගොඩනගන පදනමක් බවට GetIn යෙදවුම පත් කිරීම අපගේ අරමුණයි,” යනුවෙන් Treinetic සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉමාල් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


“කාලයත් සමග මෙය, නාගරික ගමනාගමනය කාර්යක්ෂම කිරීමටත්, අනවශ්‍ය රථවාහන භාවිතය අවම කිරීමටත් අත්වැලක් බවට පත්වනු ඇති. ‘එකම ගොඩනැගෙන නැවුම් සබඳතා’ යන අපගේ සන්නාම ප්‍රතිඥාව පිටුපස ඇති අභිප්‍රාය එයයි,” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් අදහස් පළ කළේය.


තොරතුරු තහවුරු කළ පරිශීලකයින්ගෙන් සහ කලින් සැලසුම් කළ ගමනාන්තවලින් මෙම යෙදවුම සමන්විත වන බැවින්, මග මැදදී හමුවන කුලී රථයක ගමන් කිරීමට වඩා වැඩි විශ්වාසයකින් යුතුව GetIn යෙදවුම හරහා ගමන් කළ හැකිය. එකම මාර්ගය, ගමන් සැලසුම් මත රියදුරන් සහ මගීන් සම්බන්ධ කරමින් වඩාත් සුහද පරිසරයක් ගොඩනැගීම මෙම නවතම හඳුන්වා දීමේ අරමුණයි.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න