නිමල් රාජපක්ෂ
‘මාර්ග අනතුරුවලින් වසරකට මියයන 2,700 කට අධික අපේම රටේ පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් විශේෂිත ප්‍රවාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
කෙතරම් මාර්ග හා පාලම් ව්‍යාපෘති සිදුකලත්, නීතිය කෙතරම් ක්‍රියාත්මක කලත් අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මාර්ගයේ සිදුවන මරණ අවම කරගැනීමට නොහැකිව තිබෙනවා. විනයවත් රියදුරෙක් නැතුව ප්‍රවාහනයේ ආරක්ෂාව හදන්න බැහැ.’
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ අදහස් පලකලේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 03 හි අද (.21) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ;
එලැඹෙන සැප්තැම්බර් 19 වෙනිදා සිට අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම වාහනවල රියදුරන් සහ මගීන් ආරක්ෂිත බඳ පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. රිය අනතුරුවලින් සිදුවන හානි අවම කරගැනීම මෙහි අරමුණයි.
පොදු මගී ප්‍රවාහන සේවාවල නිරත රියදුරන්ට දින දහයක විශේෂ පුහුණුවක් ලබාදීමත්, ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් නිරන්තරව සිදුකිරීමක්, ප්‍රමිතිගත, ආරක්ෂිත වාහන මාර්ගයේ ධාවනයට යෙදවීමත් ඇතුළු ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කරනවා. එමෙන්ම මාර්ග අනතුරුවලින් වැඩිම පිරිසක් මියයන යතුරුපැදි ධාවකයින් සඳහා SLS සහිත ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හෙල්මටයක් පැළඳීමටත් ඉදිරි කාලයේදී යතුරුපැදිකරුවන් සඳහා වෙනම ම මංතීරුවක් වෙන්කර දීමත් ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබනවා.
එමෙන්ම දැනට රාජ්‍ය අංශයට පමණක් ක්‍රියාත්මක දුම්රිය සීසන් මාර්ගගත ක්‍රමයට (Online) ලබාදීමේ පහසුකම සැප්තැම්බර් මාසයේ සිට පෞද්ගලික අංශයටත් ලබාදීමට කටයුතු කරනවා.’
