Spread the love

නිමල් රාජපක්ෂ


බලපත්‍ර නොමැතිව යතුරු පැදියක තවත් දෙදෙනකු නංවාගෙන පාරේ වමට වංගුවක දකුණු පසින් ධාවනය කරද්දි පදියකු හැපීමෙන් පැදි කරු බරපතල තුවාල ලබා ගම්පහ මුලික රෝහලට ඇතලු කිරීමෙන් පසු එදිනම මියගිය පුවතක් ගණේමුල්ල පොලීසියෙන් වාර්තාවෙයි


සිද්ධිය වී ඇත්තේ පෙරේදා යාගොඩ මාහේන ප්‍රදේශයේදීය. අනතුරින් මියගොස් ඇත්තේ ගණේමුල්ල පහළයාගොඩ පදිංචි මඩදෙනියේ ගෙදර ගුනරත්න දිසානායක නැමැති 67 හැවිරිදි අයෙකි.


සිද්දිය සැකෙවින් මෙසේය . බලපත්‍රයක් නොමැතිව තරුණයකු තම පියාගේ යතුරු පැදියේ තවත් දෙදෙනකු නංවාගෙන අධික වේගයෙන් ධාවනය කර ඇති අතර වමට වංගුවකදි වංගුව දිගහැරීමට ගිය යතුරු පැදි කරු පාරේ ගමන් කල පදිකයතු හැපි තිබේ. අනතුරින් පදිකයා දැඩි ලෙස තුවාල වී ගමපහ රෝහලට ඇතුලු කිරීමේන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබේ. එහිදි පදිකයා මියගොස් ඇත


අනතුර සැලවු වහාම ක්‍රියාත්මක වු ගණේමුල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් එම ස්ථානයට ගොස් අනතුරු සිදු කල යතුරු පැදියේ ගමන් කල තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර පරික්ෂන පැවැත්වීමේදී යතුරු පැදි කරුට රිය දුරු බලපතක් නොමැති බවත් යතුරු පැදියේ අයිති කරු තම පියා බවට තහවුරු වීමෙන් පසු යතුරු පැදියේ අයිතු කරු වන පියාවද අත්අඩංගුවට ගෙන ඇත.


පසුව මෙම හතර දෙනාම ගමපහ මහේස්ත්‍රාත් අධිකරණය වෙඩ ඉදිරි කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා හතර දෙනාවම අගොස්තු මස 8 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කොට ඇත

අනතුර සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිස්ථානාධිපති යු.පී.එස් ප්‍රියන්න මහතාගෙන් විමසුවිට රියදුරු බලපතක් නොමැතිව රිය ධාවනයට තම වාහන ලබා දුනහොත් වාහනයේ අයිතිකරු කවුරු වුවත් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පැවසුවේය.
ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරි අමරසිංහ මහතාගේ උපදෙස් මත , ගණේමුල්ල පොලිස්ථානාධිපති යු.පී.එස් .ප්‍රියන්ත . රථවාහන අංශයේ ස්ථානාධිපති පෙරේරා මහතා ඇතුලු නිලධාරීන් සිද්ධිය පිළිබද පරීක්ෂණ පැවැත්වුහ.