Spread the love

නිමල් රාජපක්ෂ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය භූතාන නිල සංචාරය අතරතුර, සැප්තැම්බර් 02 වන දින ජිග්මේ සිංගේ වංචුක් නීති විද්‍යාලයේ (Jigme Singye Wangchuck School of Law – JSW Law) සංචාරයක නිරත වූවාය.

මෙම සංචාරය හරහා නීතිය පිළිබඳ අධ්‍යාපනය සහ නව සොයාගැනීම්, නීති ක්ෂේත්‍රයේ වෘත්තීය දියුණුව සම්බන්ධයෙන් එම විද්‍යාලය සිදුකරනු ලබන කාර්යයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසුණු අතර, ශ්‍රී ලංකාවේ සහ භූතානයේ නීති පද්ධති හා අධිකරණ සම්ප්‍රදායන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි.

නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ දැනුම හුවමාරු කරගැනීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, අධ්‍යයන හුවමාරු වැඩසටහන්, පර්යේෂණ සහයෝගීතාව සහ නීති හා අධිකරණ අධ්‍යාපනය සම්බන්ධ අත්දැකීම් හා භාවිතයන් හුවමාරු කර ගැනීම පිළිබඳව ද මෙම සංචාරයේදී අවධානය යොමු කෙරිණි.