නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ, දුම්රිය ස්ථාන 100ක් පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ ”සිහින ගමනාන්තය” ජනතා වැඩසටහන මඟින් නවීකරණය කල පොළොන්නරුව දුම්රිය ස්ථානය යලි ජනතා පරිහරණයට පවරා දීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (2026.9.2) සිදු කෙරණ..

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව, පෞද්ගලික ව්‍යවසායකත්ව සේවා හා මූල්‍ය දායකත්වයෙන්, සිහින ගමනාන්තය දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජනතා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ…
අද දින ජනතා අයිතියට පත් කල පොළොන්නරුව දුම්රිය ස්ථානය අරලිය සමූහ ව්‍යාපාරයේ පිරිවැය දායකත්වයෙන් නවීකරණය කර ඇති අතර, ඒ යටතේ, කාර්ය මණ්ඩල කාර්යාල, විවේකාගාර, දුම්රිය භාණ්ඩ ගබඩාව, පූජ්‍ය පක්ෂය, පුරුෂ සහ කාන්තා විවේකාගාර, අධීක්ශන කලමණාකාර, මගී හා කර්මාන්ත, සංඥා හා විදුලි සංදේශ, අභ්‍යන්තර සහ භාහිර ප්‍රවේශයන් සියල්ල සංවර්ධනය කර ඇත..ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 35 ක මුදලක් වැය කර ඇත…
මෙම අවස්ථාවට නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය T.B.සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි, පත්මසිරි බණ්ඩාර යන මහත්වරුන්ද, අරලිය ව්‍යාපෘති සමූහයේ සභාපති ඩඩ්ලි සිරිසේන, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් S.P.C.සුගීෂ්වර, එහි අධ්‍යක්ෂ H.P.S.ශාන්ත, පොළොන්නරුව නගර සභාවේ සභාපති ලලිත් තිස්සකුමාර ඇතුළු පලාත් පාලන නියෝජිතයන්ද, රාජ්‍ය නිලධාරීහු ඇතුළු ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ…
