නිමල් රාජපක්ෂ-
ඉන්දියාවේ රජයේ ජෛව තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (Department of Biotechnology) ප්‍රධානත්වයෙන් 2009 වර්ෂයේදී ආරම්භ කරන ලද, ජීව විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ ලෝක ප්‍රකට නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් වන සෛලීය හා අණුක වේදිකා මධ්‍යස්ථානයේ (Centre for Cellular and Molecular Platforms – C-CAMP) නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී හමුවිය.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ සහ සංවර්ධන (R&D) ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට, වත්මන් සෞඛ්‍ය අභියෝගයක්ව ඇති බෝනොවන රෝග හදුනා ගැනීම, පාලනය, ප්‍රතිකාර සේවා බලගැන්වීම උදෙසා නව තාක්ෂණික මෙවලම් මෙරට සෞඛ්‍ය පද්ධතියට හඳුන්වා දීමට සහ දෙරට අතර සෞඛ්‍ය තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කරගැනීමට මෙම සාකච්ඡාව කදිම අවස්ථාවක් විය.
බැංගලෝර් ජීව විද්‍යා විද්‍යාත්මක සමූහයේ (Bangalore Life Science Cluster – BLiSC) ප්‍රධාන සාමාජිකයෙකු වන C-CAMP ආයතනය, මේ වන විට ලොව පුරා සෞඛ්‍ය, කෘෂිකාර්මික සහ පාරිසරික ක්ෂේත්‍රයන්හි නවෝත්පාදන ආරම්භක ව්‍යාපාර (Startups) 500කට අධික සංඛ්‍යාවකට ආධාර කරමින්, ජෛව තාක්ෂණික පර්යේෂණ සහ වෛද්‍ය උපකරණ සංවර්ධන අංශයන්හි ජාත්‍යන්තර කීර්තියක් අත්කරගෙන සිටින ආයතනයකි.
මෙම හමුවේදී, නවීන ජාන විද්‍යා පර්යේෂණ (Next-Gen Genomics), රෝග විනිශ්චය මෙවලම් (Diagnostics), සහ සෞඛ්‍ය සේවා තාක්ෂණ (HealthTech) නිෂ්පාදන ක්ෂේත්‍රවල C-CAMP ආයතනය අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව
සී-කෑම්ප් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස කටයුතු කරන, ස්නායු විද්‍යාව (Neurosciences) පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු සහ ජෛව තාක්‍ෂණ නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන වෛද්‍ය තස්ලිමාරිෆ් සයීඩ් මහතා නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සවිස්තරාත්මකව දැනුවත් කිරීමක් සිදු කරන ලදී.
ඒ අනුව නව තාක්ෂණික මෙවලම් මෙරට සෞඛ්‍ය පද්ධතියට හඳුන්වා දීමට සහ දෙරට අතර සෞඛ්‍ය තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළව ඉදිරියේදී සාකච්ඡා තවත් සාකච්ඡා සිදු කිරීමට මෙහිදී එකඟතා පළ කරන ලදි.
මෙම අවස්ථාවට ඉන්දියානු C-CAMP (Centre for Cellular and Molecular Platforms -C-CAMP), බැංගලෝර් ආයතනයේ ප්‍රධාන නියෝජිතයින් ලෙස අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී (Director & CEO) වෛද්‍ය තස්ලිමාරිෆ් සයීඩ් (Dr. Taslimarif Saiyed), මුදල් සහ පරිපාලන අංශයේ සාමාන්‍යාධිකාරී කමාණ්ඩර් රාජනාරායනන් (Wg Cdr Rajanarayanan), ඩිජිටල් සෞඛ්‍ය සහ තාක්‍ෂණික බලපෑම් පිළිබඳ වැඩසටහන් ප්‍රධානී (Programme Lead – Digital Health & Technology Impact) වෛද්‍ය නිරංජන් ජෝෂි (Dr. Niranjan Joshi), වෛද්‍ය නිශ්රිතා බොපන්නා (Dr. Nishritha Bopanna) යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.
