Spread the love

දෙහිවල – සිරිසඟබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (11) අලුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පියා රෝහල්ගත කරතිබේ.

මියගිය අයගේ මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත..

අපරාධයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය පිළිබදව දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.