මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක ද වූ ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය (91)මහත්මිය අභාවප්‍රාප්ත වීය.
, කළුබෝවිල පිහිටි සිය නිවසේදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.
එමෙන්ම ප්‍රවීණ විරිදු ගායන ශිල්පී සේන ෆොන්සේකා මහතාගේ බිරිඳ වූ ඇය වර්තමානයේ මෙරට කලා ක්ෂේත්රයේ සිටින ප්‍රවීණ කලාකරුවන් රැසකගේම මුල් ගුරුවරිය ද වූවාය.
ඒ මහත්මියගේ අවසන් කටයුතු හෙට (15) සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.
