නිමල් රාජපක්ෂ-
ආබාධ සහිත හෝ වෙනත් විශේෂ අවශ්‍යතා තිබීම දරුවෙකුගේ ඉදිරි ගමනට බාධාවක් නොවිය යුතු බවත්, දරුවන්ගේ සැබෑ කුසලතාවලට මුල්තැන දෙමින් බාධාවලින් තොර සැමට සම අවස්ථා ඇති සමාජයක් ගොඩනැගීමට රජය පූර්ණ ලෙස කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ විවිධ දක්ෂතා සහිත බාලදක්ෂිකා අංශයේ’ (Differently Abled Branch) ඉහළම සම්මානය වන “Blue All Round Cord” සම්මානයෙන් පිදුම් ලැබූ බාලදක්ෂිකාවන් ඇගයීම වෙනුවෙන් සැප්තැම්බර් (20) දින අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
ආබාධ සහිත හෝ වෙනත් විශේෂ අවශ්‍යතා තිබීම කිසිසේත්ම දරුවෙකුගේ ඉදිරි ගමනට බාධාවක් වෙන්න දෙන්න බැහැ. දරුවන්ගේ සැබෑ කුසලතාවලට මුල්තැන දෙමින්, බාධාවලින් තොරව සැමට සම අවස්ථා හිමිවන සමාජයක් ගොඩනැගීමට අපගේ රජය පූර්ණ වශයෙන් කැපවී සිටිනවා.
ආබාධ සහිත ප්‍රජාව සබලගැන්වීම වෙනුවෙන් අප දැනටමත් වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. උසස් අධ්‍යාපනයේ නිරත වන විශේෂ අවශ්‍යතා සහිත විශ්වවිද්‍යාල සිසුන් සඳහා පළමු අදියර යටතේ රුපියල් 100,000 බැගින් වූ විශේෂ දීමනාවක් ජනාධිපති අරමුදල මගින් පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම, ආබාධ සහිත හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ පවුල් වෙනුවෙන් රුපියල් බිලියන 37.4 කට අධික මුදලක් වෙන්කර තිබෙනවා. ආබාධිත තැනැත්තන් සබලගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට සහ ප්‍රජා මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළ අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.
එ විතරක් නෙවෙයි, විශ්වවිද්‍යාල සිසුන් 16,000 ක් ආවරණය වන පරිදි වසර 3 කින් ක්‍රියාත්මක වන නේවාසිකාගාර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, සියලු පහසුකම් ආබාධිත සිසුන්ටත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි (Accessible) නවීකරණය කරනවා.
ආබාධ සහිත දරුවන් වෙනුවෙන් සහායක තාක්ෂණික මෙවලම් සහ ඩිජිටල් අධ්‍යාපනික ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහන් ද ආරම්භ කළා වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී මෙන්ම වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලබාගැනීමේදී ඇතිවන බාධාවන් ඉවත් කර අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට අප පියවර ගන්නවා.
බොහෝ දෙමාපියන්ගේ හදවතේ තියෙන ලොකුම වේදනාව සහ බය තමයි, අපි නැති කාලයක අපේ දරුවන්ට මොකද වෙන්නේ? කියන එක. ඒ නිසා ආබාධ සහිත දරුවන්ට ස්වාධීන ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන ආර්ථික පදනම සහ කුසලතාවයන් සංවර්ධනය කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම අපගේ ප්රමුඛ වගකීමක්..
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපතිනී ස්වර්ණිකා පිටිගල මහත්ම්ය, ප්‍රධාන කොමසාරිස් ආචාර්ය කුසන්තා හේරත් මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියමි මහත්මිය, සහකාර කොමසාරිස් නදුනි වික්‍රමතුංග මහත්මිය, දරුවන් දෙමවිපියන්, ඇතුළු පිරිසක් සහභාගි වූහ.
