නිමල් රාජපක්ෂ-
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය බත්තලන්ගුන්ඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්රදේශය ආවරණය වන පරිදි අද දින (2026 සැප්තැම්බර් 20) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ එනසාල් සහ ඉඟුරු අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් රැගත් බහුදින යාත්රාවක් (01) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාව මඟින්, සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්රදේශයේ තිබූ සැකකටයුතු බහුදින යාත්රාවක් (01) පරීක්ෂාවට ලක්කෙරිනි.
එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ එනසාල් සහ ඉඟුරු අඩංගු බවට සැකකෙරෙන උර නවයක් (09) සමඟ එම යාත්රාව (01) සහ සැකකරුවන් පස්දෙනෙකු (05) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන් වයස අවුරුදු 20 සහ 59 යන වයසේ පසුවන ගන්දර ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, යාත්රාව සහ කුළුබඩු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ගොඩබිමට ගෙන එමින් පවතී.
