නිමල් රාජපක්ෂ-
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ස්විස්ටර්ලන්ත වැඩබලන තානාපති, කාර්යාල ප්‍රධානී Olivier Praz අතර හමුවක් අද (21) දින පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.
අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු පිළිබඳව මෙන්ම වත්මන් ශ්‍රි ලංකාවේ දේශපාලන සමාජීය මුහුණුවර සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම මෙහිදී සිදුවිය.
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් Justine Boillat මහත්මියද මෙම අවස්ථාවට එක්විය.
