Spread the love

අතුරුගිරිය නගරයේ, 170 බස් නැවතුම්පළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අදාළ බස් රථය මෝටර් රථ පරීක්ෂකවරයෙකු යටතේ පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ එය නිසි ආකාරයෙන් නඩත්තු නොකළ බස් රථයක් බවයි.

අතුරුගිරිය – පිටකොටුව මාර්ගයේ ගමන් ගන්නා මෙම පුද්ගලික බස් රථය අතුරුගිරිය බස් නැවතුම්පොළේ සිට ප්‍රධාන මාර්ගය හරහා පසුපසට ගැනීමේදී මිලේනියම් සිටි – පිටකොටුව මාර්ගයේ ගමන් ගත් මෙට්‍රෝ බස් රථයේ ගැටී තිබේ.

සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට අනුව, අනතුර සිදුවන ආකාරය නිරීක්ෂණය වන CCTV දර්ශන ලබාගෙන කඩුවෙල අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට අතුරුගිරිය පොලිස් ස්ථානය අද (09) කටයුතු කර තිබිණ.