Spread the love

නිමල් රාජපක්ෂ-

රටට විශිෂ්ට සේවයක් ඉටු කළ පුද්ගලයන් සඳහා වන කොරියානු ස්වේච්ඡා සංගමයේ සභාපති Deokuju Jung මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූහ.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සුබසාධන වැඩසටහන් සහ ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන සහාය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රජය සමඟ එක්ව පුළුල් වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

නාමල් උයන නිර්මාතෘ සහ නාමල් උයන ආරණ්‍ය සේනාසනාධිපති වනවාසී රාහුල හිමියෝ ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, කොරියානු ස්වේච්ඡා සංගමයේ නියෝජිතයන් වන Jungsun Choi, Junyoon Lim, Chaeeun Kim සහ Wonwook Choi යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.