Spread the love

නිමල් රාජපක්ෂ

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි 2 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 5600 ක ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමණාකරන) වරයා පවසයි.

ඒ අනුව මේ වනවිට ජලාශයේ ඉහල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය කීපය තුළ වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වැඩි කිරීමට සිදුවිය හැක.

එබැවින් ජලාශයේ පහල දැදුරුඔය දෙපස අවදානම් ප්‍රජාවට මේ පිළිබදව විමසිලිමත්ව කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම් දෙමි .