Spread the love

නිමල් රාජපක්ෂ-

හදිසි අවශ්‍යතා සඳහා ලේඛන සහතික කරවා ගැනීමට අවශ්‍ය පුද්ගලයන් වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය විශේෂ සෙනසුරාදා දිනවල සිය සේවාවක් ක්‍රියාත්මක කරනු ලැබේ.

එසේ සේවාවන් ක්‍රියාත්මක කරනු ලබන්නේ පහත සදහන් දිනවලදීය.

• 2026 ඔක්තෝබර් 17 සෙනසුරාදා
• 2026 ඔක්තෝබර් 24 සෙනසුරාදා
• 2026 ඔක්තෝබර් 31 සෙනසුරාදා

අදාල දිනවලදී පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා සිය සේවාවන් ලබා ගත හැකිවන අතර බත්තරමුල්ල කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලයෙන් කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වෙයි.

පහත සබැඳිය ඔස්සේ e-Channeling පද්ධතිය හරහා ඔබගේ වේලාව වෙන් කරවා ගන්න.

වේලාව වෙන් කර ගැනීම සඳහා:
https://www.echannelling.com/ministry-of-foreign-affairs/H533

: මෙම විශේෂ සේවාව ලබා ගත හැක්කේ බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් බවද විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවයයි.