නිමල් රාජපක්ෂ
පෙර දින පැවති වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයට ලැබෙන ජල ප්රමාණය කළමනාකරණය කර ගැනීම සඳහා මේ වන විට ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුව ඇත . ඒ අනුව වාන්දොරටු 4ක් අඩි 4 බැගින්
දොරටු 02 ක් අඩි 03 බැගින්, දොරටු 02 ක් අඩි 01 බැගින් විවෘත කර න බව වාරිමාර්ග අධ්යක්ෂක (ජල කළමනාකරන)වරයා පවසයි
ඉන් තත්පරයට ඝන අඩි 16500ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින අතර ජලාශයේ පහළ ප්රදේශවල පදිංචි ජනතාව විශේෂයෙන් ම දැදුරුඔය ජල මට්ටම් වෙනස්වීම පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරන අංශ මගින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් වෙයි.
