නිමල් රාජපක්ෂ
ශ්රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පුත්තලම උඩප්පුව ප්රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්රදේශයේ සිදුකල විශේෂ ආවේක්ෂණ මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන එන ලද බීඩි කොළ තොගයක් මෙරට මුහුදු සීමාවේදී හුවමාරු කිරීමට උත්සාහ කල ඉන්දීය ඩව් යාත්රා දෙකක් (02) සහ දේශීය ඩිංගි යාත්රා දෙකක් (02) සමඟ ඉන්දීය සහ ශ්රී ලාංකික සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) නීතියේ රැහැනට හසුකර ගැනීමට 2026 ඔක්තෝබර් මස 21 වැනි දින රාත්රීයේදී කටයුතු කරනු ලැබීය.
ඒ අනුව, බටහිර නාවික විධානය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව, සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී පුත්තලම උඩප්පුව ප්රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුලට ඇතුළු වී තිබූ සැකකටයුතු ඉන්දීය ඩව් යාත්රා දෙකක් (02) සහ එම මුහුදු ප්රදේශයේ තිබූ මෙරට සැකකටයුතු ඩිංගි යාත්රා දෙකක් (02) පරීක්ෂාවට ලක්කෙරිණි.
එහිදී, නීති විරෝධී ලෙස රැගෙන ආ උර හැටක (60) අසුරා තිබූ බීඩි කොළ කිලෝග්රෑම් දෙදහස් හාරසියයක (2,400) පමණ තොගයක් මුහුදේදී හුවමාරු කිරීමට උත්සාහ කල ඉන්දීය ජාතික සැකකරුවන් හත් දෙනෙකු (07) සහ දේශීය ඩිංගි යාත්රා දෙකක් (02) සමඟ මෙරට සැකකරුවන් සිව් දෙනෙකු (04) මෙලෙස නීතියේ රැහැනට හසුකර කර ගනු ලැබීය.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය, සැකකරුවන්, ඩව් යාත්රා සහ ඩිංගි යාත්රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
