නිමල් රාජපක්ෂ-
වසර 90කර වඩා අධික පුරාවට ශ්රී ලාංකීය ව්යාපාර ක්ෂේත්රය තුළ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් ආයුර්වේද නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛතම සමාගමක් වන සිද්ධාලේප සමූහ ව්යාපාරයේ සන්නාමයක් වන “සුපිරිවිකි ” 1988 වර්ෂයේදී නිපවන ලද ශ්රී ලංකාවේ ප්රථම ආයුර්වේද දත්තාලේපය බව හෙට්ටිගොඩ සමූහ ව්යාපාරයේ සභාපති සහ කළමණාකාර අධ්යක්ෂක ආයුර්වේද රත්න අශෝක හෙට්ටිගොඩ මහතා සඳහන් කළේය.
රත්න අසෝක හෙට්ටි ගොඩ මහතා එසේ පැවසුවේ,සිද්ධාලේප සුපිරිවිකී ජර්මනියේ වුට්ස්බර්ග් විශ්ව විද්යාලය සමඟ එක්ව සිදු කළ සායනික පර්යේෂණයේ සොයාගැනීම් සහ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය වැඩසටහන කොළඹ හිල්ටන් හෝටල් පරිශ්රයේදී පසුගියදා .පැවැති අවස්ථාවේදීය .
මාධ්යවේදින් සහ දන්ත වෛද්ය වෘත්තිකයන් සහභාගී වූ මෙම වැඩ සටහනේ ප්රධාන අරමුණ වූයේ ජර්මනියේ වුරිස්බන් විශ්ව විද්යාලය සමඟ එක්ව සිදුකරන ලද සායනික පර්යේෂණය මඟින් සොයාගත් පර්යේෂණ ප්රතිඵල පිළිබඳ සහ ඒවයේ වැදගත්කම සම්බන්ධව අවධානය යොමු කිරීමයි.
මෙම සායනික පර්යේෂණය මඟින් අවධාරණය වූයේ විදුරුමස් රෝග පාලනය කිරීමට සිද්ධාලේප සුපිරිවිකී දත්තාලේපය භාවිතය තුළින් හැකියාවක් ඇති බවයි. එය 2024 වසරේ International Journal of Dental Hygie… .
සුපිරිවිකි දත්තාලේපය නිෂ්පාදනය සඳහා ගොරකා, මුණමල් පොතු, ගම්මරිස්, කරාබු නැටි, පිලමුල්, කටුකරඬු, කුරුදු, අරළු සහ වැල්මී යන පාරම්පරික ඖෂධීය අමුද්රව්යන් යොදාගෙන ඇත. මෙම ඖෂධීය අමුද්රව්ය විදුරුමස් සෞඛ්යය සහ මුඛ සෞඛ්යාරක්ෂාව සඳහා භාවිත කිරීමේ වැදගත්කම සුශ්රැත සම්හිතාව, නෛෂජ්ය රත්නාවලී, වරක සම්හිතාව, භාවප්රකාශ නිඝණ්ඩුව සහ අෂ්ටාංග හෘදය වැනි සම්භාව්ය ආයුර්වේද ග්රන්ථවල විස්තර කර ඇත.
ගොරකා, ගම්මරිස් සහ කුරුදු විදුරුමස් ආශ්රිත තත්ත්වයන් සඳහා භාවිත කරන අතර, මුණමල් පොතු විදුරුමස් සෞඛ්යය සහ දත්වල ශක්තිමත් බව පවත්වා ගැනීම සඳහා භාවිත කර ඇත. කරාබු නැටි එහි සුවිශේෂී සුවඳවත් ගුණය නිසා වැදගත් වන අතර, පිල මුල් මුඛයේ තුවාල සඳහා භාවිත කර ඇත. දත් සෙලවීම, දත් කැක්කුම් සහ විදුරුමස් ආශ්රිත අපහසුතා සඳහා භාවිත කරන සාම්ප්රදායික ප්රතිකාර වලට කටුකරඬු යොදා ගනී.
වීමෙන්ම, අරළු මුඛ සෞඛ්යය පවත්වා ගැනීම සහ පටකවල අධික වර්ධනය ආශ්රිත තත්ත්වයන් සඳහා භාවිත කරන ඖෂධ සංයෝග වලට ඇතුළත් වන අතර, වැල්මී විදුරුමස් හා දන්ත සෞඛ්යය පවත්වා ගැනීම අරමුණු කරගත් ඖෂධ සංයෝග සඳහා යොදාගෙන ඇත.
මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් හෙට්ටිගොඩ සමූහ ව්යාපාරයේ සභාපති සහ කළමණාකාර අධ්යක්ෂක ආයුර්වේද රත්න අශෝක හෙට්ටිගොඩ මහතා සඳහන් කලේ “විද්යාත්මක පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා ජාත්යන්තරය තුළ පිළිගත් කීර්තිමත් විශ්වවිද්යාලයක් වන ජර්මනියේ චුටිස්බර්ග් විශ්වවිද්යාලය සමඟ එක්වී සායනික පරීක්ෂණයන් සිදුකිරීමට අවස්ථාව ලැබීම ශ්රී ලාංකීය දේශීය සමාගමක් වශයෙන් අපට ඉමහත් ගෞරවයක් මෙන්ම අපගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සලකනවා.
මෙම සායනික පර්යේෂණය මඟින් අනාවරණය වුණ වැදගත් සාධකයක් වන්නේ විදුරුමස් රෝග පාලනයට ශ්රී ලංකාවේ ප්රථම ආයුර්වේද දත්තාලේපය වන සිද්ධාලේප සුපිරිවිකී දත්තාලේපය මඟින් හැකියාව ඇති බවටයි.
එය දේශීය ආයුර්වේද ක්ෂේත්රයට වැදගත් නවෝත්පාදන අවස්ථාවක් ලෙස දැක්විය හැකි අතර එවැනි අවස්ථාවක් අපගේ ආයතනය මඟින් උදාකර දීමට හැකිවීම පිළිබඳව සතුටු වනවා, සුපිරි විකී දත්තාලේපය සඳහා භාවිතා කරන දේශීය අමුද්රව්ය තුළින් අපගේ ශ්රී ලාංකික පාරිභෝගික ජනතාවගේ මුඛ සෞඛ්යය රැක ගැනීමට ආයතනයක් වශයෙන් අපට කටයුතු කිරීමට අවස්ථාව ලැබීම ඉමහත් ගෞරවයක් ලෙෂ සලකනවා. ” යන්නයි.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්ය ආයතනය අමතන්න
