නිමල් රාජපක්ෂ-
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්යා දෙපාර්තුමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ:
කන්කසන්තුරේ සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා මුහුදු ප්රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර දිවයින වටා අනෙකුත් මුහුදු ප්රදේශවල සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි.
සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.
මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්රදේශ මදවශයෙන් රළු අවස්ථාවේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
