Spread the love

නිමල් රාජපක්ෂ-

තලෙයිමන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන්  මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) අද දින අළුයම් කාලයේදී (2026 නොවැම්බර් 01)  නාවික හමුදා භාරයට ගනු ලැබීය.

ඒ අනුව, තලෙයිමන්නාරමට උතුරු  දෙසින් පිහිටි ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා රාශියක්  අනවසර මසුන් ඇල්ලීමේ නිරතව සිටින බව උතුරු මැද නාවික විධානය විසින්  නිරීක්ෂණය කෙරිණි. එම මෙහෙයුමේදී එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබීය.

තවද, නාවික හමුදා භාරයට ගත් ඉන්දීය  ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් තලෙසිමන්නාරම ජැටිය වෙත රැගෙන ඒමට කටයුතු කෙරුණු අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට  නියමිතව ඇත.