නිමල් රාජපක්ෂ-
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට(CHOGM) 2026 සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද ( 02) ඇන්ටිගුවා හි වී. සී. බර්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූවාය.
එහිදී ඇන්ටිගුවා සහ බාබියුඩාහි සෞඛ්‍ය, සුවතා, පරිසර සහ රාජ්‍ය සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය මයිකල් ජෝසප් මහතා විසින් අග්‍රාමාත්‍යතුමිය පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යතුමිය පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයට ද සහභාගී වීමට නියමිතය.
