Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, ප්‍රරවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයා ආසියානු දේශපාලන පක්‍ෂවල ජාත්‍යන්තර සමුළුවේ මාධ්‍ය සංසදයේ (International Conference of Asian Political Parties – ICAPP Media Forum) සම සභාපතිවරයා වශයෙන් පත්විය…!

ඉදිරි වසර දෙකක කාලයක් ICAPP Media Forum හි සම සභාපතිත්වයට බිමල් රත්නායක අමාත්‍යවරයා සමග ආචාර්ය සියෝ ජි-යන්ග් මිය (Dr. Ms. Seo Ji-young) තේරී පත්විය.

ICAPP 13 වෙනි සැසිවාරය නොවැම්බර් මස 04 වන දින සිට 07 වන දින දක්වා රටවල් 36 ක දේශපාලන පක්ෂ 83 ක් නියෝජිතයින්ගේ සභාගිත්වයෙන් දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වෙන අතර, බිමල් රත්නායක අමාත්‍යවරයා ICAPP හි මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරනු ලබයි.