Spread the love

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලී උත්සවය අදට (08) යෙදී ඇත

දීපාවලි උත්සවය සැමරීමට මුල් වන ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් නරගාසුරන් නැමැති අසුරයා පරාජය කිරීමේ සිද්ධිය වන අතර, එය අධර්මය පරාජය වී ධර්මය ජයගත් දීප්තිමත් දිනයක් ලෙස ද සැලකෙයි.

තමාට මෙන් සියලු ලෝකවාසීන්ටද එළිය දකින්නට ඉඩ සළසන්නැයි නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටි බව වේද සාහිත්‍යයේ සඳහන්

නව සඳ උදාවට සමගාමීව පැවැත්වෙන දීපාවලී උත්සවය තුළින් අයහපත පරදා යහපතත්, අඳුර පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සංකේතවත් වන අතර, අඳුර දුරු වී ආලෝකය උදා වේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් සිය නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සමරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.