නිමල් රාජපක්ෂ-
ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවාහන (Ride-hailing) සහ බෙදාහැරීමේ (Delivery) සේවා පදනම් කරගත් ශ්‍රී ලංකාවේ නැගී එන ව්‍යවසායකයන් සබලගැන්වීම උදෙසා සංවිධානය කරන ‘Uber Springboard 2026’ තාක්ෂණික උපදේශන වැඩසටහනේ (Mentorship initiative) ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කිරීමට Uber සමාගම පසුගියදා පියවර ගත්තේ ය.
මෙවර ලැබුණු වාර්තාගත අයදුම්පත් 150 අතරින් තෝරාගත් ලද Thingsnode, MonChron සහ NeuroFleets යන ආරම්භක ව්‍යාපාර (Startups) සඳහා ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පිහිටි Uber විශිෂ්ටතා තාක්ෂණික මධ්‍යස්ථානයේදී (Tech Centre of Excellence) Uber සමාගමේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික හා ව්‍යාපාරික නායකයන් වෙතින් සෘජු ප්‍රායෝගික උපදේශනය හා මඟපෙන්වීම හිමි වනු ඇත.
තෙවැනි වරටත් පැවැත්වෙන ‘Uber Springboard’ යනු ශ්‍රී ලංකාවේ විශිෂ්ට හැකියාවන් සහිත ආරම්භක ව්‍යාපාර ජාත්‍යන්තර තාක්ෂණික දැනුම හා සබඳතාවන් සමඟ බද්ධ කරන සුවිශේෂී වැඩසටහනකි. ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන මඟින්, නිෂ්පාදන සංවර්ධනය (Product development), තාක්ෂණය, ව්‍යාපාරික ක්රමෝපායන් සහ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම (Scaling operations) සම්බන්ධයෙන් අදාළ ව්‍යවසායකයන් වෙත ප්‍රායෝගික මඟපෙන්වීමක් ලබා දෙයි.
මෙවර ජයග්‍රාහී ආරම්භක ව්‍යාපාර පිරිසිදු බලශක්ති (Clean energy), කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence) සහ ප්‍රවාහන හා සම්ප්‍රේෂණ කටයුතු (Logistics) යන ක්ෂේත්‍ර නියෝජනය කරන අතර, ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් මෙරට සීමාවන්ගෙන් ඔබ්බට ගිය ගෝලීය අභියෝගයන් සඳහා විසඳුම් ලබාදීමට සමත් වන ආකාරය මින් මැනැවින් පිළිබිඹු වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අනාගතය තීරණය වන්නේ, සිය නිර්මාණශීලී අදහස් ගෝලීය වශයෙන් තරගකාරී ව්‍යාපාර බවට පත්කිරීමේ හැකියාව සහිත ව්‍යවසායකයන් හරහායි. අපගේ වගකීම වන්නේ තාක්ෂණය, ප්‍රඥාව සහ ජාත්‍යන්තර සබඳතාවලින් පෝෂණය වූ, එවැනි අභිලාෂයන් සැබෑ කරගත හැකි ව්‍යාපාරික පරිසර පද්ධතියක් (Ecosystem) නිර්මාණය කිරීමයි. මෙවර Uber Springboard වැඩසටහන සඳහා ලැබුණු වාර්තාගත අයදුම්පත් 150 න් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව තුළ නවෝත්පාදනය හා ව්‍යවසායකත්වය කෙරෙහි පවතින ඉහළ උනන්දුවයි. ජයග්‍රාහී ආරම්භක ව්‍යාපාර තුන වෙත මගේ සුබපැතුම් පිරිනමන අතරම, ශ්‍රී ලාංකික දක්ෂතාවන් පෝෂණය කරමින් අපගේ ව්‍යවසායකයන්ට ඔවුන්ගේ ගෝලීය සිහින සැබෑ කරගැනීමට අඛණ්ඩව ලබාදෙන සහයෝගය වෙනුවෙන් Uber සමාගම වෙත මගේ ප්‍රශංසාව පිරිනමනවා.”
Uber Springboard 2026 ජයග්‍රාහී ආරම්භක ව්‍යාපාර (Startups)
මිගාර අමින්ඹ්දන මහතා විසින් ආරම්භ කරන ලද Thingsnode ආයතනය, පිරිසිදු බලශක්ති පද්ධති නිරීක්ෂණය සහ ප්රශස්ත කිරීම සිදුකරන තාක්ෂණයන් ඔස්සේ පුනර්ජනනීය බලශක්ති මෙහෙයුම් වඩාත් ස්මාර්ට් ක්‍රමවේදයකට සිදුකිරීමට සහය වේ. දැනටමත් මෙගාවොට් 500 කට (500 MW) අධික පුනර්ජනනීය බලශක්ති ධාරිතාවයක් කළමනාකරණය කිරීම සඳහා මෙම ආයතනයේ විසඳුම් භාවිත කෙරේ.
18 හැවිරිදි ගණිඳු කන්දේපොළ මහතා විසින් ආරම්භ කරන ලද MonChron ආයතනය, AI (කෘත්‍රිම බුද්ධිය) බලගැන්වූ වීඩියෝ සංස්කරණ මෘදුකාංගයක් හඳුන්වා දෙමින් මෙම ක්ෂේත්රය තුළ නව පෙරළියක් සිදුකර ඇත. මින් ලොව පුරා සිටින නිර්මාණකරුවන්ට සරල සංවාදමය උපදෙස් (Conversational interactions) ඔස්සේ වීඩියෝ නිෂ්පාදනයෙන් පසු සිදුකරන සංකීර්ණ කාර්යයන් (Post-production tasks) ස්වයංක්‍රීයව සිදුකර ගැනීමේ පහසුකම හිමි වේ.
Uber ශ්‍රී ලංකා රට භාර කළමනාකාරිනී – ප්‍රවාහන (Country Manager – Mobility) කෙෂාලියා ගුණරත්න මහත්මිය ද අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, 18 හැවිරිදි තරුණ ව්‍යවසායකයන්ගේ සිට ගෝලීය පාරිභෝගිකයන් ඉලක්ක කරගනිමින් තාක්ෂණික විසඳුම් නිර්මාණය කරන ව්‍යාපාර දක්වා, විවිධත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ එළඹෙන පරම්පරාවේ නවෝත්පාදකයන් සහ විශිෂ්ට හැකියාවන් සහ අභිලාෂයන් පවතින බවයි. මෙම අදහස් ඔවුන්ට නව මංපෙත් විවර කරන අතර, ඒවා සාර්ථක ව්‍යාපාර බවට පත්කිරීමට තිරසර මඟපෙන්වීම සහ ප්‍රායෝගික උපදෙස් යොදාගත හැකිය. එමඟින් සමාජයක් විමට ලැබීම පිළිබඳව අප ආඩම්බර වන අතර, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ අදහස් මෙරටට මෙන්ම ගෝලීය තලයටද බලපෑමක් කළ හැකි නවෝත්පාදනයන් බවට පත්කිරීමට අප සැමගේ අත්වැල් බැඳගැනීම පිළිබඳව ඩිජිටල් ආර්ථික නායකත්වයට අපගේ කෘතඥතාව පිරිනමනවා.
තෝරාගන්නා ලද ආරම්භක ව්‍යාපාරවලට නිර්මාණශීලීත්වය හා විශ්වාසය Uber තාක්ෂණික මධ්‍යස්ථානයේ පැවැත්වෙන ව්‍යාපාර උපදේශන සැසි (Structured mentorship sessions) සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වන අතර, එහිදී නිෂ්පාදන සංවර්ධනය, තාක්ෂණික හා ව්‍යාපාරික වර්ධනය පිළිබඳව පළපුරුදු උපදේශකයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. 2024 සහ 2025 වසරවල පැවැති Springboard වැඩසටහන්වලදී සාර්ථකත්වය අත්කර ගනිමින් ක්‍රියාත්මක වූ නව අදහස්, ප්‍රවාහන හා බෙදාහැරීමේ ව්‍යාපාරයන්ගෙන් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය උදෙසා Uber සමාගම දක්වන පුළුල් දායකත්වය තවදුරටත් තහවුරු කරයි.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
