නිමල් රාජපක්ෂ-
අද නොවැම්බර් 10 ලෝක විද්‍යා දිනයයි. ලෝක විද්‍යා දින සැමරුමට සමගාමීව විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධාන කළ ජාතික විද්‍යා දින සැමරුම සහ ජාතික විද්‍යා සතිය – 2026 සමාරම්භය සනිටුහන් කරමින් වැඩසටහන් ද්විත්වයක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ගේ ප්‍රධානත්වයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ දී සහ කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
“ජාතික සංවර්ධනය උදෙසා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම” යන්න තේමා කර ගනිමින් මෙවර ජාතික විද්‍යා සතිය නොවැම්බර් 10 – 17 දක්වා ක්‍රියාත්මක වේ. අමාත්‍යාංශය විසින් අනුබද්ධ ආයතනවල සහයෝගයෙන් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් වැඩසටහන් රාශියක් මෙම සතිය තුළ සංවිධාන කර තිබේ.
ජාතික විද්‍යා පදනම (NSF) සංවිධාන කළ පාසල් විද්‍යාත්මක පර්යේෂණ සමුළුව 2026 කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම සමුළුව තුළ දිවයින පුරා පාසල් අතරින් සිසුන් සහ ගුරුවරුන් විසින් සිදුකරන ලද පර්යේෂණ එළිදැක්වීම, දැනුම හුවමාරු කරගැනීම සිදු කෙරෙන අතර ඒ තුළින් පාසල් පද්ධතිය තුළ පර්යේෂණ සංස්කෘතිය ප්‍රවර්ධනයට වේදිකාවක් නිර්මාණය වේ. මේ සඳහා වාචික පර්යේෂණ ඉදිරිපත් කිරීම් 60 ක් සහ පෝස්ටර් ඉදිරිපත් කිරීම් 40 ක් ඇතුළත් වේ.
සමුළුව අතරතුර “විදුරාව” විද්‍යා සඟරාවේ සිවර්ණ ජයන්තිය නිමිත්තෙන් 50 වන සංවත්සර කලාපය එළිදැක්වීම ද සිදු කෙරිණි.
කාර්මික තාක්ෂණ ආයතනයේ දී (ITI) එහි විවෘත දින වැඩසටහන සහ ව්‍යාපාරික උපදේශන සායනය ආරම්භ වූ අතර එය දින දෙකක් පුරා පැවැත්වේ. (නොවැම්බර් 10–11) මෙහි දී මහජනතාවට සහ කර්මාන්ත ක්ෂේත්රයේ පාර්ශවකරුවන්ට ITI විද්‍යාගාර සහ ව්‍යාපාරික උපදේශන සේවාවන් වෙත සෘජුවම ප්‍රවේශ වීමට අවස්ථාව හිමිවන අතර ITI හි නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමද සිදුකෙරේ. පාසල් සිසුන් වෙනුවෙන් ITI සංවිධාන කළ “Science on the Wall” (බිත්තිය මත විද්‍යාව) චිත්‍ර තරඟයේ සහ ජයග්‍රාහකයන් ඇගයීම ද සිදු කෙරිණි.
