Spread the love


නිමල් රාජපක්ෂ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන සියලුම මහජන සේවාවන්, මේ මස 23 වැනි දින සිට පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ(Appointment) ක්‍රමවේදය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්ඳු මහතා පවසයි.

මහජනතාවගේ පහසුව වෙනුවෙන්, 2026.11.23 දිනට පෙර ලබා දී තිබූ දෛනික පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව මේ වන විට දෙගුණයකටත් වඩා වැඩි කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව, පෙරට වඩා වැඩි සේවාලාභීන් පිරිසකට දෛනිකව කඩිනමින් සහ පහසුවෙන් සිය සේවාවන් ඉටුකර ගැනීමට අවස්ථාව සැලසේ.

සේවාලාභීන් හට පහත සඳහන් ක්‍රමවේද දෙකෙන් ඕනෑම එක් ක්‍රමයක් ඔස්සේ තමන්ට පහසු වේලාවක් කල්තියා වෙන්කර ගත හැකියි. මෙහිදී 011 2 117 116 අංකය ඇමතිමෙන් හෝ මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ: https://dmtappointments.dmt.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සේවාවන් ලබා ගත හැකියි.
මින් ඉදිරියට මේ මස 23 වන දින සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල පරිශ්‍රය අසල උදෑසන සිට අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසත්, සේවාලාභීන්ගේම පහසුව සහ කාලය ඉතිරි කර ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය පමණක් අනුගමනය කරමින් සේවාවන් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේනතුව කාරුණිකව ඉල්ලා සිටිමි.