Spread the love

.

සුසිතපුර අසෝකාරාම විහාරස්ථානයේ 2026 වර්ෂයේ කඨින මහා පින්කම නොවැම්බර් 21 වනදා සහ 22 වනදා යන දෙදින තුළ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම පුණ්‍ය මහෝත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් නොවැම්බර් 21 වනදා රාත්‍රියේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වීමට නියමිතය. පූජනීය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා හඬින් මුළු මහත් ප්‍රදේශයම ශාන්ත සුවයෙන් පිනා යන අතර, සැදැහැවතුන්ට රත්නත්‍රයේ ආශීර්වාදය ලබාගැනීමට මෙහිදී අවස්ථාව හිමිවේ.

පින්කමේ දෙවන දිනය වන නොවැම්බර් 22 වනදා අලුයම 5:00 ට කඨින චීවරය රැගත් පූජනීය පෙරහැර දායක නිවසින් පිටත්ව අශෝකාරාම විහාරස්ථානය වෙත ළඟාවීමට නියමිතය. අනතුරුව මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි කඨින චීවරය පඬු පෙවීමේ පූජනීය චාරිත්‍රය සිදුකෙරෙන අතර, දහවල් කාලයේදී මහා සංඝරත්නය උදෙසා සාංඝික මහා දානමය පුණ්‍යකර්මය පැවැත්වේ.

මෙම මහා පින්කම නිමාවට පත්වෙමින් නොවැම්බර් 22 වනදා රාත්‍රී 7:00 ට පූජනීය කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක, ආචාර්ය දිමියාවේ අමරවංස අනුනායක මා හිමිපාණන් වහන්සේගේ අනුසාසනා පරිදි, මාලබේ සුසිතපුර අංක 352/68, නිවසේ පදිංචි මැණිකේ කරුණාතිලක මහත්මිය, වින්ද්‍යා නදී කුමාරි කරුණාතිලක මහත්මිය සහ ප්‍රමීත් ශානක ලක්මාල් මහතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ ශ්‍රද්ධාබර දායකත්වයෙන් මෙම අභිමානවත් පින්කම සංවිධානය කරනු ලබයි.

වසරකට එක් වතාවක් පමණක් උදාවන මෙම අටමහා කුසලයන්ගෙන් අග්‍රගණ්‍ය කඨින චීවර පූජා පින්කමට සම්බන්ධ වී කුසල් සම්පූර්ණ කරගන්නා ලෙස විහාරස්ථ දායක සභාව පින් කැමති සියලු සැදැහැවතුන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටියි.