නිමල් රාජපක්ෂ–
රුපියල් මිලියන 5.7ක ත්‍යාග මුදලක් සමඟ අවයව පරිත්‍යාගයේ වැදගත්කම පිළිබඳ සමාජ අවධානය යොමු කරන Janashakthi Life ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගාවලිය 2026 දෙසැම්බර් 13 වැනි ඉරිදා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.
තෙවැනි වරටත් පැවැත්වෙන Janashakthi Life ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගාවලියේ ධාවන මාර්ග, ත්‍යාග මුදල්, නිල ටී-ෂර්ටය සහ තරගය නිම කරන ධාවකයින්ට පිරිනැමෙන පදක්කම ඉන්දියානු සංස්කෘතික සංගමය (Indian Cultural Association – ICA) විසින් අද එළිදක්වන ලදී.
මේ වනවිටත් තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටින 3,000කට අධික ධාවකයින් විවිධ දුර ප්‍රමාණ හතරක් ඔස්සේ එකම අවසන් රේඛාවක් කරා ධාවනය කරනු ඇත. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සහතික කළ කිලෝමීටර් 21.1ක අර්ධ මැරතන් තරගයේදී තම පෞද්ගලික හොඳම ධාවන කාලය වාර්තා කිරීමටත්, කිලෝමීටර් 10ක Challengers Run තරගයේදී තම හැකියාවන් අභියෝගයට ලක් කිරීමටත්, කිලෝමීටර් 5ක Family Run සඳහා පවුලේ සාමාජිකයින් සමඟ එක්වීමටත් ධාවකයින්ට අවස්ථාව හිමිවේ.
ප්‍රථම වරට මෙවැනි තරගයකට සහභාගී වන අය වෙනුවෙන් දරුවන් ඇතුළු ඕනෑම අයෙකුට එක්විය හැකි කිලෝමීටර් 2ක ධාවන ඉසව්වක්ද මෙවර පැවැත්වේ.
කිලෝමීටර් 21.1, 10 සහ 5 ධාවන මාර්ග, AIMS සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක වන World Athletics International Measurement Programme යටතේ සහතික කර තිබේ. ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වන ධාවන මාර්ගය Marine Drive ඔස්සේ සහ ඓතිහාසික කොළඹ කොටුව ප්‍රදේශය හරහා දිවෙන අතර, කොළඹ නගරයේ ප්‍රකට ස්ථාන රැසක් පසුකරමින් යළිත් මුහුදු තීරයට මායිම් වූ ගාලු මුවදොර පිටියෙන් අවසන් වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Galle Face Hotel හි සාමාන්‍යාධිකාරී සුරේෂ් අබ්බාස් (Suresh Abbas) මහතා මෙසේ පැවසීය.
“මෙම සුවිශේෂී තරගාවලියේ සත්කාරක ස්ථානය ලෙස කටයුතු කිරීමට ලැබීම Galle Face Hotel අපට මහත් ආඩම්බරයක්. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සහතික කළ මෙම සුන්දර ධාවන මාර්ගයට පිවිසෙන ලොව පුරා ධාවකයින් අපගේ ඓතිහාසික මුහුදුබඩ පරිසරයට සාදරයෙන් පිළිගැනීමටත්, අපගේ හෝටලයේ ආගන්තුක සත්කාරය අත්විඳීමට ඔවුන්ට අවස්ථාව ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”
කිලෝමීටර් 21.1, 10 සහ 5 යන තරග කාණ්ඩ සඳහා රුපියල් 5,700,000ක (ඇමෙරිකානු ඩොලර් 18,500) සමස්ත ත්‍යාග මුදලක් පිරිනැමෙන අතර, කාන්තා හා පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සමාන පිළිගැනීමක් හිමිවේ. පෙරවරු 6.00ට තරගාවලිය ආරම්භ වන බැවින් සියලුම ධාවකයින් පෙරවරු 5.00 වනවිට තරග ස්ථානයට වාර්තා කළ යුතුය.
මෙවර තරගාවලිය සඳහා නිර්මාණය කර ඇති පදක්කමේ පිටුපස ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉස්මතු කර දැක්වෙන ලෝක සිතියමක් ඇතුළත් කර ඇති අතර, එමඟින් තරගාවලියේ ජාත්‍යන්තර ස්වභාවය මනාව පිළිබිඹු වේ.
ශ්‍රී ලංකාවේම ආරම්භ වූ අර්ධ මැරතන් තරගාවලියක් ලෙස, ප්‍රජාව කේන්ද්‍ර කරගත් මෙම ඉසව්වට ලොව පුරා ධාවකයින් සාදරයෙන් පිළිගන්නා අතරම, ක්‍රීඩා සංචාරක ක්ෂේත්රයේ ප්රමුඛ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ලොවට හඳුන්වාදීමටද එය දායක වේ.
ICA හි සභාපති කපිතාන් අනිර්බාන් බැනර්ජි (Capt. Anirban Banerjee) මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
“Janashakthi Life ICA ජාත්‍යන්තර මැරතන් තරගාවලිය කියන්නේ හුදෙක් තරගයක අවසන් රේඛාව පසුකිරීමට පමණක් සීමා වූ ඉසව්වක් නොවෙයි. ක්‍රීඩා ප්රමිතීන් ඉහළ නැංවීමටත්,ක්‍රීඩා සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමටත්, අවයව පරිත්‍යාගය වැනි ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත වඩාත් යහපත් කරන වැඩසටහන් හරහා අපගේ සමාජය තුළ අර්ථවත් වෙනසක් ඇතිකිරීමටත් මෙය අවස්ථාවක් සලසා දෙනවා.”
අඛණ්ඩව ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස තරගාවලියට එක්වීම පිළිබඳව අදහස් දක්වමින් Janashakthi Life හි අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය.
“Janashakthi Life හි අපගේ වගකීම ජීවිත ආරක්ෂා කිරීමට පමණක් සීමා නොවන බවත්, අප සේවය කරන ප්රජාවන්ගේ ජීවිතවල අර්ථවත් සහ දිගුකාලීන යහපත් වෙනසක් ඇතිකිරීම දක්වා එය විහිදෙන බවත් අපි විශ්වාස කරනවා. මැරතන් තරගයක තබන සෑම පියවරක්ම අධිෂ්ඨානය, අරමුණ සහ බලාපොරොත්තුව නිරූපණය කරනවා.
ජීවිත බේරාගැනීමටත්, අනාගතය වෙනස් කිරීමටත් හැකියාව ඇති උතුම් මනුෂ්‍යත්වයේ ක්‍රියාවක් වන අවයව පරිත්‍යාගය වෙනුවෙන් පෙනී සිටීම හරහා මෙවර එම අරමුණ තවත් ඉදිරියට ගෙන යාමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා.
Janashakthi Life ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගාවලිය හරහා අපි සෑම ධාවකයෙකුටම ඇරයුම් කරන්නේ පෞද්ගලික ජයග්‍රහණයක් වෙනුවෙන් පමණක් නොව, ඊට වඩා උතුම් අරමුණක් වෙනුවෙන් ධාවනය කරන ලෙසයි.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මෞත්‍ර පද්ධතිය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ අවයව බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය නිරෝෂන් සෙනෙවිරත්න මහතා අවයව පරිත්‍යාගයේ වැදගත්ක ම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
“ශ්‍රී ලංකාවේ 150,000කට ආසන්න පිරිසක් අවයව බද්ධ කිරීමේ අවශ්‍යතාවෙන් පසුවන අතර, බොහෝ අවයව බද්ධ කිරීම් සඳහා තවමත් අප රඳා පවතින්නේ ජීවත්ව සිටින පරිත්‍යාගශීලීන් මතයි. සෑම වසරකම නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් 10,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වෙනවා. අවයව බද්ධ කිරීමකට අවස්ථාව ලැබුණේ නම් මේ ජීවිත බොහොමයක් බේරාගැනීමට හැකියාව තිබෙනවා.. ධාවකයින්ට reg.odtfsrilanka.com වෙබ් අඩවිය ඔස්සේ අවයව පරිත්‍යාගශීලීන් ලෙස ලියාපදිංචි විය හැකියි.”
තරගාවලියේ සමාජ මෙහෙවර තවදුරටත් ඉස්මතු කරමින් Colombo X Runners, ICA සහ Carnage එක්ව ‘Go Beyond the Finish Line’ (අවසන් රේඛාවෙන් ඔබ්බට) යන තේමාව යටතේ විශේෂ ටී-ෂර්ටයක් නිර්මාණය කර තිබේ. එහි පහළ වාටිය දිගේ ටජ් මහලේ සහ සීගිරියේ රේඛාමය රූප සටහන් ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි.
මෙවර තරගාවලිය Colombo West International Terminal හි දායකත්වයෙන්ද බලගැන්වේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී මුනිෂ් කන්වාර් (Munish Kanwar) මහතා මෙසේ පැවසීය.
“වාර්තාගත කාලයක් තුළ බහාලුම් මිලියන දෙකක් හැසිරවීම වේවා, කිලෝමීටර් 21.1ක් ධාවනය කර අවසන් රේඛාව පසුකිරීම වේවා, සාර්ථකත්වය ගොඩනැගෙන්නේ අභියෝග හමුවේ නොසැලී සිටීමේ හැකියාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව මතයි. දේශසීමා ඉක්මවා මිනිසුන් එක්කරන අතරම, ජාත්‍යන්තර තලයේ කොළඹ නගරයට හිමිවෙමින් පවතින
ප්‍රමුඛත්වය ලොවට විදහා දක්වන ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගාවලිය වැනි ලෝක මට්ටමේ ඉසව්වක් බලගැන්වීමට හැකිවීම පිළිබඳව CWIT අපි මහත් ආඩම්බරයට
පත්වෙනවා.”
තනි ධාවකයින්ට මෙන්ම ආයතනික කණ්ඩායම්වලටද www.icainternationalmarathon.com වෙබ් අඩවිය ඔස්සේ තරගාවලිය සඳහා ලියාපදිංචි විය හැකිය. නිල ටී-ෂර්ටය, තරගය නිම
කිරීම වෙනුවෙන් පිරිනැමෙන පදක්කම, අවයව පරිත්‍යාගශීලී කාඩ්පතක්, උදෑසන ආහාරය සහ තවත් විශේෂ වරප්‍රසාද ඇතුළත් තරග කට්ටලයක් සියලුම සහභාගිවන්නන්ට හිමිවේ.
ලියාපදිංචි කිරීම 2026 නොවැම්බර් 30 වැනිදායින් අවසන් වේ.
ක්‍රීඩා අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ඇතිව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා Janashakthi Life අඛණ්ඩව දෙවැනි
වරටත් ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්ව සිටී. මෙම තරගාවලිය Carnage සහ Colombo West International Terminal හි දායකත්වයෙන් බලගැන්වේ. IOC, Lanka Hospitals සහ Asian Paints තරගාවලියේ අනෙකුත් හවුල්කරුවන් වේ.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
