Spread the love

නිමල් රාජපක්ෂ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඊයේ (23) රාත්‍රියේ එල්ලවු සයිබර් ප්‍රහාරයකට ලක්වීමෙන් අකර්ර්ණය වී ඇතැයි එම දෙපාර්තුමේන්තුව පවසයි.

මේ පිලිබදව මුලින්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා සයිබ ආරක්ෂක අංශය මගින් දැනුවත් වී තිබු අතර ඒ අනුව මෝටර් රථ දෙපාරතුමේන්තුවේ වෙබ් අඩවිය හා රජයට සම්බන්ධ වෙබ් පිටු කිහිපයක් සයිබ ප්‍රහාරයෙන් අකර්මර්ණය වී තිබෙන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේත්තුවේ මාධ්‍ය ඒකකය පවසයි.
මෙතෙක් තිබු යල්පැනගිය පද්ධිතිය වෙනුවට නව වෙබ් සයිඩ් එකක් ඉතා ඉක්මනින් නිර්මානය කර අවශ්‍ය ආරක්ෂික කටයුතු සමගින් ලබා දීමට කඩිනමින් කටයුතු සිදු කරන බව පවසයි.

නමුත් හෙට(25) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාත්මක වන appointment කටයුතු සුපරුදු පරිදි සිදු කරන බවත් , සයිප ප්‍රහාරයට appointment වලට කිසිසේත් අදාළ නොවන බවද මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ඒකකය පවසයි.