නිමල් රාජපක්ෂ-
කුරුණෑගල දොලුකන්ද පාමුල වැව් රක්ෂිතියෙන් රුපියල් නවලක්ෂ හැට දහසක් වටිනා කසිප්පු ස්පීතු තොගයක් සමගින් සැකකරුන් දෙදෙනකු අද(24) අලුයම 4.00 පමණ කුරුණෑගල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ උත්සවයට රැගෙන යාම සදහා මත්පැන් තොගය කලින් ඇනවුම් කර තිබු අතර අදලා කසිප්පු තොගය වෙස්වලාගත් නිලධාරියකු ගොස් මිලදී ගන්නා අවස්ථාවේදී කසිප්පු ස්ප්රීතු බෝතල් 960 ක් ගෝඩා ඇතුලු උපකරණ සමගින් සැකකරුවන් දෙදෙනා සුරාබදු නිලධාරීන් කොටු කරගැනීමට සමත්වී තිබිණ.
අදාල සැකකරුවන් ඉතා රහසිගතව වැව් තාවුල්ලේ කාලයක් තිස්සේ නිතී විරෝධී මැත්පැන් ජාවාරම සරුවට සිදු කර ගෙන ගොස් ඇති අතර කුරුණෑගල ඇතුලු ප්රදේශ ගනනාවට බෙදා හරින බවද ප්රශ්න කිරීමේදී සුරාබදු නිලධාරීන් අනාවරණය කරගෙන ගොස් තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මත්පැන් තොගය සමගින් මස 27 වන දින කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිපෙත් කිරීමට නියමිතය
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත, වයඔ පළාත් (1) සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවිපතිරණ කුරුණෑගල, සුරාබදු අධිකාරී අරුණ සෝමරත්න යන මහත්වරුනගේ අධීක්ෂණය යටතේ, කුරුණෑගල සුරාබදු ස්ථානාධිපති ප්රධාන සුරාබදු පරීක්ෂක නලින්ද ප්රසන්න කුමාර මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂකවරුන් වන විජේසිංහ, සේමසිංහ, සුරාබදු නියාමකවරුන් වන 1223 ජයලත් සහ කන්තා සුරාබදු නියාමක 94 කුලතුංග යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
