නිමල් රාජපක්ෂ-
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය පොලීසිය හා එක්ව කල්පිටිය පුදුකුඩිරිප්පු ප්රදේශයේ අද දින අළුයම (2026 නොවැම්බර් 28) සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්රෑම් අටසිය විසිහතක (827) පමණ තොගයක් ප්රවාහනයට සූදානම්කර තිබූ කැබ් රථයක් (01) සහ සැක කරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය, කල්පිටිය පොලීසිය හා එක්ව කල්පිටිය පුදුකුඩිරිප්පු ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, සැක කටයුතු කැබ් රථයක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම කැබ් රථයේ උර විසි දෙකක් (22) තුල අසුරා ප්රවාහනය සඳහා සූදානම් කර තිබූ නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බවට සැකකෙරෙණ බීඩි කොළ කිලෝ ග්රෑම් අටසිය විසිහතක (827) පමණ තොගයක් සමඟ සැකකරවෙක් (01) සහ කැබ් රථයක් (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය, කැබ් රථය සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දෙනු ලැබීය.
