…….
නිමල් රාජපක්ෂ-
මෙරට සාම්ප්රදායික හස්ත කර්මාන්ත ක්ෂේත්රය ජාතික හා ජාත්යන්තර තලයේ ප්රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කළ “Ceylon Craft Week 2026” හස්ත කර්මාන්ත ප්රවර්ධන වැඩසටහනට සමගාමීව පවත්වන හස්ත කර්මාන්ත ප්රදර්ශණය ඊයේ (29දා) ආරම්භ විය.
මෙම ප්රදර්ශණය ඔක්තෝබර් 31 දා දක්වා කොළඹ සෞන්දර්ය විශ්ව විද්යාලීය J.D.A. පෙරේරා කලාගාරයේදී උදෑසන 10 සිට සවස 6 දක්වා පැවැත්වෙයි.
හස්ත කර්මාන්ත ආශ්රිත පර්යේෂණ නවෝත්පාදන ප්රවර්ධනය කිරීම තුළින් හස්ත කර්මාන්ත ක්ෂේත්රය සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් සංවිධානය කර ඇති මෙම හස්ත කර්මාන්ත ප්රදර්ශණය, හස්ත කර්මාන්ත ශිල්පීන් හා විශ්ව විද්යාල ශිෂ්යයන් පර්යේෂණ මට්ටමින් වැඩිදියුණු කළ නිර්මාණ වලින් සමන්විත වෙයි.
මෙම ප්රදර්ශණයේ සමාරම්භක අවස්ථාවට කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ අතිරේක ලේකම් සුභද්රා වල්පොල, ජාතික ශිල්ප සභාවේ සභාපති අයේෂා වික්රමසිංහ, කොළඹ සෞන්දර්ය විශ්ව විද්යාලයේ දෘශ්යකලා පීඨයේ පීඨාධිපති සත්සර ඉලංගසිංහ, විශ්ව විද්යාල ආචාරයවරු, විශ්ව විද්යාල ශිෂ්යයින්, හස්ත කර්මාන්ත ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ
