මාලන් විතාන –
නිල සංචාරයක් සඳහා පසුගියදා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව සිදුකළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්, අද දින (2026 සැප්තැම්බර් 10) කොළඹ ගාලු මුවදොර ආශ්රිත වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, ‘INS UDAYGIRI’ යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල, දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් හා සමඟාමීව සංවිධානය කෙරුණු මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා ‘INS UDAYGIRI’ නෞකාවේ නැව් මුළුව සහ බටහිර නාවික විධානයට අයත් නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගි වූහ.
තවද, මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, ගාලු මුවදොර වෙරළ තීරය ආශ්‍රිතව විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක් රැස් කර, පරිසරයට හානි නොවන අයුරින් නිසි ලෙස බැහැර කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි
