දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Free Trade Zone Manufactures Association (FTZMA) විසින් රුපියල් මිලියන 5ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන ලදී.
ඊට අදාළ චෙක්පත Free Trade Zone Manufactures Associationහි සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගැන්වීය. Free Trade Zone Manufactures Associationහි ගරු ලේකම් M. H. Z. M. Marzook, විධායක කමිටු සාමාජිකයන් වන චාන්දනී ඒකනායක සහ ලලිත් කහටපිටිය යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ
