නිමල් රාජපක්ෂ-
SLT සමූහය නැවතත් ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරමින්, 2025 පළමු අර්ධයේදී වාර්තා කළ රුපියල් බිලියන 4.3 බදු පසු ලාභයට සාපේක්ෂව 2026 පළමු අර්ධයේදී රුපියල් බිලියන 6.6 ක ඒකාබද්ධ බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය ප්‍රතිශතයක් ලෙස 54.4% ක වර්ධනයකි.
බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සහ ආයතනික සේවා සඳහා පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන්, රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ ඉන්ධන හා උපයෝගිතා සේවා මිලගණන් ඉහළ යාම නිසා ඇති වූ පිරිවැය පීඩනයේ බලපෑම අවම වී ඇත.
ආදායමේ ද්වි-අංක (Double-digit) වර්ධනය මෙන්ම SLT PLC සහ Mobitel යන අනුබද්ධ සමාගම්වල ලාභදායීත්වය කැපීපෙනෙන ලෙස ඉහළ යාම, 2026 පළමු කාර්තුවේදී නිරීක්ෂණය වූ වර්ධනීය ප්‍රවණතාව තවදුරටත් ශක්තිමත් කළේය.
ආදායමේ වර්ධනය හේතුවෙන් සමූහයේ ලාභදායීත්වය කැපීපෙනෙන ලෙස ඉහළට
2026 වසරේ පළමු අර්ධය තුළ සමූහයේ ආදායම රුපියල් මිලියන 61,314 ක් දක්වා ගිය අතර, එය 2025 පළමු අර්ධයේදී වූ රුපියල් මිලියන 55,167 ට සාපේක්ෂව 11.1% ක වර්ධනයකි.
SLT PLC සහ Mobitel හි බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගික පදනම කැපීපෙනෙන වර්ධනය වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, එමඟින් සමූහයේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 13.7% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 24,126 ක් ලෙස වාර්තා විය.
මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 10,165 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ වාර්තා වූ රුපියල් මිලියන 7,551 ට සාපේක්ෂව 34.6% ක වර්ධනයකි.
වසරේ පළමු අර්ධය තුළ බදු පෙර ලාභය 51.4% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 8,555 ක් බවට පත් විය. සමූහයේ බදු පසු ලාභය රුපියල් මිලියන 6,601 ක් වූ අතර, එය 2025 පළමු අර්ධයේදී වාර්තා වූ රුපියල් මිලියන 4,276 ට සාපේක්ෂව 54.4% ක වර්ධනයකි.
2026 පළමු අර්ධය තුළ සමූහය විසින් ශ්‍රී ලංකා රජයට ලබාදෙන ලද දායකත්වය රුපියල් මිලියන 18,559 ක් විය.
මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා මෙසේ පැවසීය:
“2026 වසරේ පළමු අර්ධය … සනිටුහන් කරනවා. මෙම සාර්ථකත්වයට උරදුන් අපගේ කාර්ය මණ්ඩලයේ විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් ඔවුන්ගේ භූමිකාවට ස්තූතිය පිරිනැමීමට කැමතියි. කාර්ය මණ්ඩලයේ සෑම අංශයක්ම සාමාන්‍ය විශිෂ්ටත්වය ඉහළම කැපවීමක් පෙන්වමින් එමඟින් අපගේ ඉලක්ක අභිභවා යාමටත්, ක්ෂේත්රයට නව මාවතක් ලබාදීමටත් අපට හැකි වී තිබේ.”
ප්‍රධාන සේවාවන් SLT PLC හි වර්ධනයට දායක වෙයි
SLT PLC හි ආදායම 2025 පළමු අර්ධයේදී රුපියල් මිලියන 35,513 සිට 2026 පළමු අර්ධයේදී රුපියල් මිලියන 39,309 ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 10.7% කින් ඉහළ ගොස් ඇත.
බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් නැවත වරක් කැපීපෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කර තිබේ. ඊට සමගාමීව මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 11.3% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 14,854 ක් ලෙස වාර්තා විය.
ලාභදායීත්වයේ වර්ධනයද කැපීපෙනෙන මට්ටමක පැවති අතර, මෙහෙයුම් ලාභය 39.8% කින් වර්ධනය වී රුපියල් මිලියන 6,663 ක් ලෙස වාර්තා විය.
බදු පෙර ලාභය 66.5% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 6,127 ක් වූ අතර, බදු පසු ලාභය 2025 පළමු අර්ධයේ වාර්තා කළ රුපියල් මිලියන 2,647 ට සාපේක්ෂව 74.9% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 4,630 ක් විය.
මෙහෙයුම් පිරිවැය 10.3% කින් ඉහළ ගිය නමුත් සමාගමේ ආදායම් සහ ලාභ වර්ධනය ඊට වඩා ඉහළ මට්ටමක පැවතිණි.
Mobitel බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සහ පාරිභෝගික පදනම් තවදුරටත් පුළුල් වෙයි
පළමු අර්ධයේදී Mobitel හි ආදායම 12.9% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 26,340 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව රුපියල් මිලියන 3,007 ක වර්ධනයකි.
බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන්හි වර්ධනය මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
Mobitel හි EBITDA 16.9% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 8,739 ක් වූ අතර, මෙහෙයුම් ලාභය 30.3% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 2,595 ක් ලෙස වාර්තා විය.
රට පුරා ජනතාවට 5G සහ AI තාක්ෂණයන් හඳුන්වා දීම සඳහා පෙරමුණ ගනී
නවීන තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) අතර පවතින ප්‍රබල සමීපතාවන් හඳුනාගෙන, SLT-MOBITEL Mobile සිය 5G ජාලය පුළුල් කිරීමේ කටයුතු තවදුරටත් වේගවත් කරමින් සිටී.
පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාර සඳහා වඩාත් වේගවත් සේවාවක්, ඉහළ විශ්වාසනීයත්වයක් සහ සම්බන්ධතා අත්දැකීමක් ලබා දෙන අතරම, කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ ඩිජිටල් විසඳුම් සඳහා අවශ්‍ය පදනමද සකස් කෙරේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් වන “Sri Lanka AI Week 2026” පැවැත්වීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සමූහය දක්වන උනන්දුව හා කැපවීම මැනවින් පිළිබිඹු වේ.
පළමු කාර්තුවේ ශක්තිමත් වර්ධන වේගය දෙවැනි කාර්තුවේදීත් අඛණ්ඩව එලෙසින්ම
පළමු කාර්තුවේ පැවති ශක්තිමත් වර්ධනයට සමාන ධනාත්මක ප්‍රවණතාවක් දෙවැනි කාර්තුවේදීද වාර්තා විය.
සමූහයේ ආදායම 2025 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 11.7% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 30,517 ක් ලෙස වාර්තා වූ අතර, බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන්හි අඛණ්ඩ වර්ධනය හේතුවෙන් Mobitel හි දෙවැනි කාර්තුවේ ආදායම 16.0% කින් වර්ධනය වී තිබේ.
කාර්තුව සඳහා සමූහයේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 10.9% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 11,960 ක් වූ අතර, මෙහෙයුම් ලාභය 30.4% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 5,033 ක් ලෙස වාර්තා විය.
සමාගම් මට්ටමින් ගත් විට විශේෂයෙන්ම SLT PLC හි දෙවැනි කාර්තුවේ කාර්යසාධනය බෙහෙවින් ශක්තිමත් වූ අතර, මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 9.4% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 7,219 ක් ලෙස වාර්තා විය.
මෙහෙයුම් ලාභය 44.1% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 3,212 ක් වූ අතර, බදු පෙර ලාභය 83.5% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 3,228 ක් ලෙස වාර්තා වී තිබේ.
බදු පසු ලාභය 97.2% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 2,570 ක් වූ අතර, මෙහෙයුම් පිරිවැය 11.6% කින් ඉහළ ගොස් ඇත.
Mobitel හි දෙවැනි කාර්තුවේ EBITDA 11.8% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 4,309 ක් වූ අතර, මෙහෙයුම් ලාභය 11.7% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 1,266 ක් ලෙස වාර්තා විය.
සමාගමේ බදු පෙර ලාභය 44.3% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 1,104 ක් වූ අතර, බදු පසු ලාභය 60.6% කින් වර්ධනය වී රුපියල් මිලියන 943 ක් ලෙස වාර්තා වී තිබේ.
වීඩියෝව නරඹන්න
