නිමල් රාජපක්ෂ-
කොළඹ, ශ්‍රී ලංකාව – 2026 සැප්තැම්බර් 08: ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයතනයක් වන Softlogic Stockbrokers විසින්, කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) තුළ ආයෝජකයින් සඳහා වඩාත් පහසු, කාර්යක්ෂම සහ තොරතුරු සපිරි අත්දැකීමක් ලබාදීම අරමුණු කරගත් නව පරම්පරාවේ ශ්‍රී ලංකා ආයෝජන වේදිකාව වන StockB නව වෙබ් අත්දැකීමක් දියත් කරන ලදී.
මෙම දියත් කිරීම Softlogic Stockbrokers හි ඩිජිටල් පරිවර්තන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, මාර්ගගත කොටස් ගනුදෙනු (Online Trading), කාලීන වෙළෙඳපොළ දත්ත (Real-time Market Data), ආයෝජන පර්යේෂණ (Investment Research), විශ්ලේෂණ මෙවලම් (Analytics Tools) සහ ආයෝජන කළමනාකරණය (Portfolio Management) යන පහසුකම් එකම වේදිකාවක් තුළට ලබාදීමට StockB සමත් වේ.
StockB හරහා ආයෝජකයින්ට අන්තර්ක්‍රියාකාරී ප්‍රස්ථාර (Interactive Charts), තාක්ෂණික විශ්ලේෂණ (Technical Analysis), කොටස් නිර්දේශ (Stock Recommendations), සමාගම් පර්යේෂණ (Company Research), කොටස් පර්යේෂණ (Equity Research) සහ සාාර්ව ආර්ථික දත්ත (Macroeconomic Data) වෙත පහසු ප්‍රවේශයක් ලැබෙන අතර, එමෙන්ම, වෙළෙඳපොළ යාවත්කාලීන කිරීම් (Market Updates), වෙළෙඳ ගනුදෙනු උපදෙස් (Trading Tips) සහ Push Notifications හරහා වැදගත් වෙළෙඳපොළ වර්ධනයන් පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීමට හැකියාව ලැබේ.
ආයෝජන කටයුතු වඩාත් සරල කිරීම සඳහා ගෙවීම් (Payments), රිසිට්පත් (Receipts) සහ මාර්ගගත ගිවිසුම් ක්‍රියාවලිය (Online Agreement Processing) වැනි සේවාවන්ද StockB තුළින් ලබාගත හැකි අතර, එමගින් කොටස් තැරැව්කාර ආයතනය සමඟ සිදුකරන දෛනික කටයුතු වඩාත් කාර්යක්ෂමව කිරීමට හැකි වේ.
StockB දියත් කිරීම පිළිබඳව අදහස් දැක්වූ Softlogic Stockbrokers හි ප්‍රධාන විධායක නිලධාරී Dihan Dadigama මහතා, ආයෝජන ක්ෂේත්රයේ ආයෝජකයන්ගේ අවශ්‍යතා සහ වර්තමාන අවශ්‍යතාවය කළ අතර, ආයෝජකයින්ගේ වෙළෙඳපොළ අවබෝධය වර්ධනය කිරීමටත් Softlogic Stockbrokers හි ඇති කැපවීම අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ඩිජිටල් පරිවර්තනය (Digital Transformation) සහ ආයෝජනයේ අනාගතය (Future of Investing) පිළිබඳ විශේෂ සාකච්ඡාවන්ද ඇතුළත් වූ අතර, Finetech Holdings හි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්යක්ෂ Clehan Pulle මහතා සහ Softlogic Stockbrokers හි IT ප්‍රධානී Mohan Abesundara මහතාද එක්විය.
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
