නිමල් රාජපක්ෂ-
Unimo Enterprises සහ United Motors Lanka PLC එක්ව ශ්‍රී ලංකාවේ Perodua Traz SUV සහ Perodua Alza MPV නව මෝටර් රථ හඳුන්වා දී තිබේ. Perodua යනු මැලේසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සන්නාමයක් වන අතර, ගුණාත්මකභාවය, ඉන්ධන කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි සන්නාමයකි.
Perodua Traz යනු ආසන 5ක් සහිත Compact SUV රථයක් වන අතර 1.5L එන්ජිම, CVT ගියර් පද්ධතිය, Rear A/C Vents, Power Tailgate, Blind Spot Detection, Lane Keep Assist සහ Autonomous Emergency Braking වැනි නවීන පහසුකම් හා ආරක්ෂක තාක්ෂණයන්ගෙන් සමන්විතය. Perodua Alza යනු ආසන 7ක් සහිත MPV රථයක් වන අතර, පවුල් භාවිතයට සුදුසු ඉඩකඩ, 1.5L Dual VVT-i එන්ජිම, CVT ගියර් පද්ධතිය සහ උසස් ආරක්ෂක පද්ධති රැසක් ඇතුළත් වේ.
Perodua සන්නාමය 2025 වසරේදී වාහන 359,904ක් අලෙවි කරමින් මැලේසියානු මෝටර් රථ වෙළඳපොළේ 43.9% ක කොටසක් හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවේ මෙම සන්නාමයේ අලෙවිය, සේවා සහ අමතර කොටස් පහසුකම් Unimo Enterprises මඟින් සපයනු ලබන අතර, සියලුම වාහන සඳහා වසර 5ක් හෝ කිලෝමීටර් 150,000ක් දක්වා වගකීමක් ලබා දේ. Perodua Traz රථයේ ආරම්භක මිල රු. මිලියන 19.2 සිට ආරම්භ වන අතර, Body Kit සහිත මාදිලිය සහ Perodua Alza රථය රු. මිලියන 19.95 ක මිලකට ලබාගත හැකි
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
