Spread the love

මුල්කිරිගල ගුණරත්න

බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් පලාගිය සැකකරුවෙකු පොලිස් සහ බන්ධනාගාර නිළධාරින් කණ්ඩායමක් එක්ව නැවත අත් අඩංගුවට ගනු ලැබූහ

. අධිකරණයේ සිර මැදිරියේ රදවා සිටි සැකකරු බන්ධනාගාර නිළධාරින් ඊයේ ( 09) දහවල් 11 ට පමණ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර නඩුව පසුවට ගන්නා බව අධිකරණය දැනුම් දීමෙන් පසු සැකකරු විත්තිකූඩුවෙන් බැස බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් තිබේ .

සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා බන්ධනාගාර නිළධාරියෙකු අධිකරණ භූමියේදී ටී 56 ගිණි අවියකින් උඩට වෙඩි තබා ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැත

. අගුණකොළපැලැස්ස පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි