නිමල් රාජපක්ෂ-
වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලින් හේවගේ අනුරාධපුර ගල්කුළම පිහිටි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට (CIDA) අයත් ඉදිකිරීම් යන්ත්ර මෙහෙයුම් ශිල්පී විදුහලේ ක්ෂේත්ර නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී ඉංජිනේරු කසුන් සූරියාරච්චි මහතා සහ පරිපාලන නිලධාරී ඒ. එම්. ප්රේමරත්න මහතා සමඟ ආයතනයේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කළ නියෝජ්ය අමාත්යවරයා, ආයතනයේ ගොඩනැගිලි පහසුකම් සහ දැනට ක්රියාත්මක වන පුහුණු පාඨමාලා ද නිරීක්ෂණය කළේය.
ඉදිකිරීම් ක්ෂේත්රයට අවශ්ය නිපුණතා සපිරි මානව සම්පතක් බිහිකිරීම සඳහා මෙම ආයතනය සතු හැකියාවන් තවදුරටත් සංවර්ධනය කිරීමේ අවශ්යතාව මෙහිදී අවධානයට ලක් විය.
ඒ අනුව, ඉදිරියේදී නවීන තාක්ෂණය හා ගැළපෙන පුහුණු පාඨමාලා හඳුන්වා දෙමින්, වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ ඒකාබද්ධව NVQ වෘත්තීය සුදුසුකම් සහතික ලබාදීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කෙරිණි.
එමෙන්ම, පුහුණු අවස්ථා පුළුල් කරමින් පාඨමාලා සඳහා බඳවා ගන්නා ශිෂ්ය සංඛ්යාව ඉහළ නැංවීම සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා වෙළෙඳපොළට අවශ්ය වෘත්තීය නිපුණතා සහිත තරුණ පරපුරක් බිහිකිරීම ද මෙම සංවර්ධන වැඩපිළිවෙළේ ප්රධාන අරමුණු අතර වේ.
.
