නාරහේන්පිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව අසළ දී රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලබාගැනීමට තැත් කළ තැරැව්කරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදියක අනු ලියාපදිංචි සහතිකය, මුල් ලියාපදිංචි සහතිකය ලෙස මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මගින් සංශෝධනය කරවා දීමට සැකකරු රුපියල් 30,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.
එම මුදලින් ලේඛණ භාරගත් අවස්ථාවේදී අතිකාරම් මුදල් වශයෙන් රුපියල් 10,000ක මුදලක් ලබා ගැනීමේදී එම කාර්යාලයට යාබද ගජබා මාවතෙහි කඩ කාමරයක් තුළදී මෙම තැරැව්කරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
