Spread the love

නිමල් රාජපක්ෂ

උප දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් වීම මත මාස 11 ක කාලයක් වසා දමා තිබූ ආඳාදොල උප දුම්රිය ස්ථානය සහ මාස 09 ක කාලයක් වසා දමා තිබු අකුරළ උප දුම්රිය ස්ථානය අද දින සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යොදා නැවත විවෘත කිරීමය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කොට ඇත.

ඒ සමඟ එම උප දුම්රිය ස්ථානවලින් නැවත ප්‍රවේශපත් නිකුත් කිරීම හා දුම්රිය ගමනාගමනය ඇතුළු සියලුම පහසුකම් නැවත මගී ජනතාව වෙත ලබා ගත හැකි වනු ඇත.