Spread the love

බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය.

සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වැනි ඇසළ පොහොය දිනකය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන ලද්දේ ද ඇසල පුන් පොහොය දිනක වන අතර තව්තිසා දෙව් ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය පෙන්වා දෙමින් අභිධර්ම දේශනා කිරීම සිදුකරනු ලැබුයේ ද අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය මෙරට බෞද්ධ ඉතිහාසයේ ද වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.