නිමල් රාජපක්ෂ-
කැලණි ගඟ ද්‍රෝණිය සඳහා අංක 04 දරණ ඇම්බර් (Amber) මට්ටමේ ගංවතුර අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය අද( 3 ) පස්වරු 3.30ට නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම 2026 අගෝස්තු 4 වැනිදා පස්වරු 3.30 දක්වා බලපැවැත්වේ.
ඉහළ හා මධ්‍යම ජලග්‍රාහක ප්‍රදේශවල සැලකිය යුතු අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නඩත්තු කරන ජල මට්ටම් මිනුම් මධ්‍යස්ථානවල දත්ත විශ්ලේෂණයට අනුව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව සඳහන් කරයි.
මෙම අනතුරු ඇඟවීම දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ සඳහා අදාළ වේ.
තවද, කාලගුණ අනාවැකි අනුව ඉදිරියේදීද අධික වර්ෂාවක් අපේක්ෂා කරන බැවින් ගඟේ ජල මට්ටම කඩිනමින් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එබැවින් එම ප්‍රදේශවල ජනතාව, ගඟ ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයන් සහ මාර්ග භාවිතා කරන්නන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙසත් දැනුම් දී ඇත.
ආපදා කළමනාකරණ අංශ සහ අදාළ රාජ්‍ය ආයතන අවශ්‍ය පියවර කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටී.
