Spread the love

ඉන්දියාවේ පූරි හී පැවැති “රත් යාත්‍රාව” අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ දේව ප්‍රතිමා රැගත් රථ තුන යාත්‍රාව ආරම්භ වූ ඉන්දියාවේ ජගන්තාත් දේවාලයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි දේවාලයක් අසලදි මෙම සිදුවීම සිදුව ඇති බවය.

යාත්‍රාව ආරම්භ වූ අවස්ථාවේදී කෙමෙන් කෙමෙන් සෙනග වැඩි වන විට මෙම තෙරපීම ඇති ව ඇති අරත එහිදී එහිදී මෙම තිදෙනා තෙරපීමට හසුව එම ස්ථානයේදීම මියගොස් තිබේ.

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණ ඇති අධික සෙනග පාලනය කිරීමට පොලීසියට නොහැකි වී ඇතැයිද වාර්තා වන අතර තුවාල ලැබූ ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.