Spread the love

නිමල් රාජපක්ෂ

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් “ඉවුරු යා කරන – ජීවිත ගොඩනගන” යන තේමාව යටතේ ක්‍රියාත්මක කරන දිවයින පුරා කුඩා පාලම් 882ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන අද (14) දින සෑම පරිපාලන දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ආරම්භ කෙරිණි.

ඒ අනුව, මූලික අදියර යටතේ 2026 වසරේදී රුපියල් මිලියන 1,050ක වියදමින් කුඩා පාලම් 107ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

ඊට සමගාමීව, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනයේ, එගොඩ ඊරියවැටිය, ගොඩැල්ලහේන මාර්ගයේ පිහිටි කුඩා පාලම රුපියල් ලක්ෂ 76ක වියදමින් සංවර්ධනය කිරීමේ කටයුතු අද (14) දින පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ හිටපු බලශක්ති අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කරමින් ආරම්භ කෙරිණි.